සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන්ගේ සංගමයෙන් රතු එළි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 06 , කොළඹ (LNW): සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන්ගේ සංගමය විසින්, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම මස 29 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව පවසයි.

එම ඉල්ලීම් අතර , ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් සඳහා නිර්බාධ උසස් වීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබා දී තිබෙන දීමනා හා සමාන දීමනාවක් ලබා දීමයි.

එහි ලේකම් ධම්මික මිරිහාන පැවසූවේ, මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් වරින් වර අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තිබෙන නමුත් මේ දක්වා කිසිදු පිළිගත හැකි විසඳුමක් ලැබී නැති බවත් එහෙයින් ඉල්ලීම් දිනා ගැනීම සඳහා අඛණ්ඩ වර්ජනයකට යාමට සංගමයේ විධායක සභාව තීරණය කර තිබෙන බවත්ය.

විද්‍යාපීඨ වීශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට අදාළ කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන නමුත් එය කඩිනම් කිරීමේ වගකීම අමාත්‍යාංශය සතු වන බව ද මැතිවරණයට පෙර එම කෙටුම්පත සම්මත කිරීමට නොහැකි වුවහොත් එම ක්‍රියාවලිය යළිත් ආපස්සට යොමු වන බවත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...