අමෙ­රි­කාවේ බොස්ටන්හි Rick Slaymanට ඌරු වකු­ග­ඩු­වක් බද්ධ කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):අමෙ­රි­කාවේ බොස්ටන්හි රික් ස්ලේමන් ඌරු වකු­ග­ඩු­වක් බද්ධ කළ සාර්ථක සැත්ක­මෙන් සති දෙක­කට පසු රෝහ­ලෙන් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

62 හැවි­රිදි ස්ලේමන් පසු­ගිය වසරේ අග­භා­ග­යේදි වකුගඩු රෝගයේ දරු­ණු­තම අව­ස්ථා­වට මුහුණ පා සිටි අතර, මැස­චු­සෙට්ස් ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ සේව­ක­යකු වන ඔහුට ඌරු වකු­ග­ඩු­වක් ඔහුට බද්ධ කිරී­මට මැස­චු­සෙට්ස් රෝහලේ වෛද්‍ය­වරු තීර­ණය කර තිබිණි.

ජාන­මය වශ­යෙන් වෙනස් කරනු ලැබූ එම වකු­ග­ඩුව ස්ලේමන්ට තවත් වසර ගණ­නා­වක් පූර්ණ සෞඛ්‍ය­ස­ම්ප­න්නව ජීව­ත්වී­මට අව­ස්ථාව උදා කරනු ඇතැයි සැත්කම සිදු කළ වෛද්‍ය­ව­රුන්ගේ විශ්වා­සය වී ඇති බව වාර්තා වේ.

මීට පෙර අවස්ථා තුන­කදී වකු­ගඩු රෝගීන්ට ඌරු වකු­ගඩු බද්ධ කර තිබු­ණද, එය සාර්ථක නොවූ බවත්, මෙවර ස්ලෙමන්ට සිදු කළ වකු­ගඩු සැත්කම මේ වන විටත් සාර්ථක ප්‍රති­ඵල පෙන්නුම් කර ඇති බවත් රෝහල් බල­ධා­රීන් නිවේ­ද­නය කර ඇතැයි වාර්තා වේ.

වැඩි­දු­ර­ටත් වාර්තා වන්නේ, කෙසේ වුවද විවේ­කීව නිවෙසේ කාලය ගත කිරී­මට නිය­මිත ස්ලේමන්ගේ සෞඛ්‍ය තත්ත්වය අඛ­ණ්ඩව නිරී­ක්ෂ­ණය කිරී­මට ද මැස­චු­සෙට්ස් රෝහල් බල­ධා­රින් තීර­ණය කර ඇය්හි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...