ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුළුවීම තහනම් කරයි. උණුසුම් තත්වයක් !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අවට අද (06) උදෑසන උණුසුම් තත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.

ඒ, එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය එය වැළැක්වීම හේතුවෙනි.

ශ්‍රීලනිප මූලස්ථානයේ තිබූ වැදගත් ලේඛන අඩංගු ලිපිගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට එම පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් කළ පැමිණිල්ලකට අදාළව මරදාන පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනය අවසන් වනතුරු කිසිවෙකුට පක්ෂ මූලස්ථානයට ඇතුළුවීම පොලීසිය විසින් තහනම් කර තිබේ.

මේ බව පොලීසිය විසින් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාට දැනුම් දී ඇති නමුත් ඒ මහතා චෝදනා කරන්නේ සිද්ධියට අදාළ නොවන ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයේ ශ්‍රවණාගාරයට ඇතුළුවීම ද පොලීසිය වළක්වා ඇති බවට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...