“කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවා”අලුත් සහල් මංගල්‍ය ජනාධිපති ප්‍රධානත්වයෙන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 06 , කොළඹ (LNW):අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මහ කන්නයේ නෙලාගත් වී අස්වැන්නෙහි නොඉඳුල් සහලෙහි අග්‍රඵලය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීමේ මෙම අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් 57 වන වරට සංවිධාන කර තිබිණි.

රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර “කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවා” යි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණ.

අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ විසින් අලුත් සහලින් රන් පාත්‍රය පිරවීම ආරම්භ කළ අතර, මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට චාරිත්‍රාණුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්විය.

ජාතික අලුත් සහල් මංගල්‍යයේ සමරු කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ නායක පුංචිරාළ ගොවි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෘෂිකර්ම යෝජනාවලියක් ද පිළිගන්වන ලදී.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මී පැණි පිළිගැන්වීම ආදිවාසි නායක වන්නියලැත්තන් විසින් සිදු කළේය.

අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද අදහස් දැක්වීය.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ , උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී හේරත්, ෂෙහාන් සේමසිංහ, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, දුමින්ද දිසානායක,ඉෂාක් රහුමාන්, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්, හිටපු අමාත්‍ය පී.හැරිසන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ද ආදිවාසි නායක වන්නිලාඇත්තන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...