*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

වාර්තාගත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් යුවළ

ලෝකයෙ සමහර දේවල් එකතු වුණාම තනි තනියෙන් තිබුණට වඩා අසාර්ථකයි.සමහර විට අමිහිරියි.ඒත් ඇලයිෂා හීලිගෙ පෑහීම නිසාම ලෝකයේ කෙනෙක්ට හිතන්නවත් අපහසු වාර්තාකාරියක් බවට ඇය පත්වෙලා. ඇලයිෂා පෑහෙන්නෙ මිචෙල් ස්ට්‍රැක් සමඟ.මේ දෙදෙනාම ඔස්ට්‍රේලියන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමම වාර්තාවක්.වඩා වැදගත් වෙන්නෙ ඇලයිෂා සහ ස්ට්‍රැක් දෙදෙනාම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඕස්ට්‍රේලියාවට ලෝක කුසලාන අත් කර දීම පිණිස දායක වි තිබීමයි.

ඒ නිසා ඇලයිෂා පමණක් නෙමෙයි ඇලයිෂා සමඟ මේ ලෝකයේ අති විශේෂ සිදුවීම් එක්ක ස්ට්‍රැක්ගෙ නමත් කියැවෙනවා. ඇලයිෂා සහ ස්ට්‍රැක් යුවල රටක ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායමක් නියෝජනය කරපු තෙවන සැමියා සහ බිරිඳ වන යුවළයි.ශ්‍රී ලංකාවේ ගයි ද අල්විස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරත් ඇයගේ බිරිද රසාංජලීට ඒ අවස්ථාව ලැබෙන්නෙ නැත්තෙ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තත්ත්වය හිමි වි නැති නිසයි.ඒ නිසා ඇලයිෂා සහ ස්ට්‍රැක් යුවළට හිමිවන කිර්තිය ගයිට සහ රසාංජලී ට හිමි නැහැ.

අයිෂා තමයි මෙවර ඕස්ට්‍රේලියාවට කාන්තා ලෝක කුසලානය දිනා දෙන්න මූලිකත්වය ගත්තු ක්‍රීඩිකාව.ඒ නිසාම ඇය මෙවර තරගාවලියේ වීරවරිය වෙනවා. 2015 දී ඕස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායම ලෝක කුසලානය ලබා ගනිද්දි ස්ට්‍රැක් තරගාවලියේ වීරයා වෙනවා. ඇලයිෂාට තවත් වාර්තාවක් තියෙනවා.ඇය 2018 දී ඕස්ට්‍රේලියාව 20/20 කුසලානය දිනා ගනිද්දිත් තරගාවලියේ වීරවරිය වුණේ ඇලයිෂා යි.

රටක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් කාන්තා සහ පිරිමි ලෝක කුසලාන දිනන මොහොතක එම ජයග්‍රහණ පිටුපස සිටි දැවන්නම වීරයා සහ වීරවරිය වන්නට කිසියම් සැමියෙකුට හා බිරිඳකට හැකි වීම යළිත් ඉතිහාසයේ සිඳුවේද යන්න සිතිය නොහැකියි.නමුත් සිඳු වුව ද ඇලයිෂාගේ සහ ස්ට්‍රැක්ගේ නම කවදාවත්ම අමතක කළ නොහැකියි.ඒ එවැනි සිඳුවීමක් පළමුවරට සඳහන් වන්නේ ඔවුන් දෙදෙනාගේ නමින් නිසා.

ඇලයිෂා වඩාත් කැපී පෙනෙන්නේ දකුණත් පිතකාරිණියක ලෙස සහ කඩුලු රකින්නියක ලෙස යි.ඇය එහිදී පිත්තෙන් පිටුපස සිට මෙන්ම කඩුල්ල පිටුපස සිට සිය සුරක්ෂිත දෑතින් ද වාර්තා පොත් අලුත් කරමින් සිටිනවා.මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඇය අවසාන තරගයේ දී ඕස්ට්‍රේලියානු ලකුණු පූවරුව ඉහළ දැමීම සඳහා දියත් කළ ප්‍රවේගකාරී පිතිකරණය විශ්මිතයි.පන්දු 138 ක් තුළ හතරේ පහර 26 න් පිරුණ එම ඉණිමේ ඇයගේනම ඉදිරියේ වාර්තා වූ ලකුණු ප්‍රමාණය 178 ක් වුණා.ඒ නිසාම එංගලන්තයට ඉක්මවා යාමට තිබෙන ලකුණු ප්‍රමාණය 365 ක් වූණා.

අනතුරුව පිළිතුරු ලෙස ප්‍රවේගකාරී වූ එංගලන්ත කඩුල්ලක් දවා ගැනීමට දායක වෙමින් ඇලයිෂා හොඳ ස්ටම්ප් කිරීමක් ද සිඳු කරමින් එංගලන්තය වෙත එල්ල කළ පීඩනය දැඩි කරන්නද දායක වුණා.එංගලන්ත පිළ ලකුණු 285 සියල්ල දැවී ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට හිමි වුණේ ලකුණු හැත්තෑ එකකින්.
ඇලයිෂා සහ ස්ට්‍රැක් අතර පවුල්මය වශයෙන් ගත්තත් තියෙන්නෙ ක්‍රීඩාමය පසුබිමක්. ඇලයිෂාගේ පියා ක්‍රිකට් ක්‍රීඩකයෙක්.ග්‍රේග් හීලී වන ඇලයිෂාගේ පියා ක්වින්ස්ලන්ත ප්‍රාන්තය නියෝජනය කරපු ක්‍රීඩකයෙක්.ඒත් ඇලයිෂාගේ හැකියාවන් එක්ක හොඳින්ම සමපාත වෙන්නෙ ඇලයිෂාගේ බාප්පා කෙනෙක් වූ ලොව බිහි වූ විශිෂ්ඨතම කඩුලු රකින්නෙක් වූ ඉයන් හීලී.ඔහු මෙන්ම ඇලයිෂා කඩුලු රකින්නෙක්.හැබැයි පිතිකාරිණයක් විදිහට ගත්තම ඇය හීලීට වඩා කාන්තා ක්‍රිකට් කේෂ්ත්‍රයේ ඉඳිරියෙන් ඉන්නවා. ඇලයිෂා තමයි ඕස්ට්‍රේලියානු ඉණිමට ආරම්භය ලබා දෙන්නෙ.

ඇලයිෂා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වෙද්දි,ඔස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවිම අරඹන මිචෙල් ස්ට්‍රැක් ගේ පවුල් පසුබිම ද ක්‍රීඩාවට සම්බන්ධයි.හැබැයි ඔහුගේ බාල සොහොයුරා වන බ්‍රෙන්ඩන් ස්ට්‍රැක් සම්බන්ධ ක්‍රිකට් ක්‍රීඩාවට නෙමෙයි.ඔහු 2018 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනපු ක්‍රීඩකයා.ඔහු ඔලිම්පික් උළෙල දෙකකදි ඔස්ට්‍රේලියාව නියෝජනය කරලා තියෙනවා.2016 දි ඔහු උස පැනීම ඉසව්වෙන් දිනා ගත්තෙ 15 වන ස්ථානය.2020 දි බ්‍රෙන්ඩන් දිනා ගත්තෙ පස්වන ස්ථානය වුණත් මීටර් 2.35 ක දක්ෂතාවයක් වාර්තා කරන්නත් සමත් වුණා.

කොහොම නමුත් මේ ගත වෙන තත්ත්පරය වන විටත් ඕස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායමේ පන්දු යැවීම ආරමභ කරන්න මිචෙල් ස්ට්‍රැක් වැදගත් වන්නා සේම එ’රට කාන්තා කණ්ඩායමට ඇලයිෂා පිතිකාරිණයක ලෙස පන්දුවට පහරදීම ආරම්භ කිරීමටත් අත්‍යවශ්‍යය සාධක.මේ වාර්තාගත අපූරු ක්‍රිකට් යුවළ අද දවසට වඩා ක්‍රිකට් වාර්තා පොත්වලට තමන්ගේ නම් වලින් වගේම යුවළක් හැටියටත් අලුත් වාර්තා එක් කරනවා නිසැකයි.ක්‍රීඩා පරම්පරා දෙකක එකතුවීමක අනාගත නිර්මාණ කෙසේ විය හැකිද යන්නත් එහිදී සැළකිල්ලට ගත යුතුව තිබෙනවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan