අද අප මුහුණ දෙන අභියෝග විසඳීමට අවශ්‍ය වන්නේ අවබෝධය සහ ඉවසීමයි

Date:

කළු ඇදගෙන , කිරිදරුවොත් අරං පාරට බැහැලා කලබල වී බෙරිහන් දී මේ අභියෝග විසඳන්න බැහැ. නළුකැලට නම් මෙය මෙගා නාට්‍යයක් විය හැක. නමුත් බුද්ධිමත් ජනතාවට මෙය මහත් විහිලුවක් වී අවසන් . වත්මන් අර්බුදය හමුවේ විසඳුම් සෙවිය යුත්තේ බුද්ධිමත් අයුරිනි.

ජනපති ගෝඨාභය මේ අවස්ථාවේ ඉතාම අවබෝධයෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. එතුමාගේ ඉවසීම හමුවේ සියලු විරුද්ධවාදීන් තවත් කිපී වීදි බසී නම් එය එතුමාගේ දුර්වලතාවයක් නොවේ. ප්‍රචණ්ඩත්වය සහ සාමකාමි උත්ඝෝෂණ යනු දෙකක් බව ජනපති හොඳින් අවබෝධ කරගෙන ඇත.

මේ දශකයේ අභියෝග සඳහා අපට අවශ්‍ය නායකයා හමු වී ඇත. අවශ්‍ය වන්නේ සියලු ජනතාවගේ සහයෝගිතාවය පමණි. කල්ලි ගැසී සියලු දේට එරෙහිව නැගී සිටිමින් රාජ්‍යයාන්ත්‍රණය අවුල් සහගත කිරීමට උත්සාහ ගනී නම් කිසිදා විසඳුම් සෙවිය නොහැකි ගැටලු දිනෙන් දින පොකුරු ගැසෙනු ඇත.

මේ වෙලාවේ රටේ නායකත්වයට හරියටම සුදුසු කෙනා මුල් පුටුවේ සිටී. ජනතාව වීදි බැස්සද ඔවුන්ද වෙන විකල්පයක් නොදනී. වසංගතය විසින් ප්‍රඥාවන්ත මිනිසුන්ව නිහතමානී කර තිබේ. මේ කෙටි ජීවිතයේ අප අතින් ලෝකයට විය යුතු යුතුකම ගැන ඉතා වැදගත් පාඩමක් වසංගතය විසින් අපට ඉගැන්නුවේ කිසිදා අමතක නොවන ලෙසයි.

අද වනවිට එකුදු කොරෝනා මරණයක්වත් වාර්තා නොවන තැනට ලංකාව පැමිණ ඇත. ආසාදිතයින් 100 මායිමට පැමිණ ඇත. මේ සියල්ල වත්මන් නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ සාර්ථක කොවිඩ් වැඩපිළිවෙළ නිසා සිදුවූ බව නිහතමානීව පිළිගත යුතුය . නමුත් හැමෝම ඒ පාඩම ඉගෙන ගත්තේ නැත. හැමෝටම ඒ පාඩම ඉගෙනගන්නත් නොහැක. කමක් නැත. අවශ්‍ය අය ඉගෙනගත්තම ඇති. වසංගතය විසින් රටේ ප්‍රමුඛතාවයන් නිශ්චය වශයෙන් සලකුණු කර තිබෙනවා. කැමති වුණත් අකමැති වුණත් ඒ පරිවර්තනය දැන් සිදුවී අවසන්. ඒ වගේම ජනරජය තුළ පැවතිය යුතු සමානාත්මතාවය ඇතිවීමට අවශ්‍ය සරු පස දැන් සැදී ඇත.. සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් ආදිවාසී වැදි දෑ සියලු වැසියන්ට ජනරජය සාක්ෂාත් කරගන්න මග හැදිලා. අන්තවාදය පැරදිලා. නූතන ප්‍රගතිශීලී මිනිසුන් එකතු වෙමින් සිටී.

රජය මේ මොහොතේ ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව , පොළීසිය , බුද්ධි අංශය සීරුවෙන් තබා ඇත . සැලසුම් සහගත කඩාකප්පල්කාරී උත්ඝෝෂකයන් හට නීතිය ක්‍රියාත්මක වනු ඇත. ඕනෑම අයෙකුට සාමකාමි උත්ඝෝෂණයක නිරතවීමට අයිතිය තිබේ. එහෙත් කළහකාරී සහ ප්‍රචණ්ඩත්වයට අයිතියක් නැත.
ඇවිලුණු ගිනි දැල් නිවේවා..

ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු වේවා..විශ්ව ශක්තියේ බලයෙන් සියලු දේ යහපත් අයුරින් විසඳේවා.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...

ලබන පාරත් සජිත් එනවා !

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක...

වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: මේ වනවිට තෙත වී...

පුදනකොටම කාපි යකා – ළමා හිංසනය උත්කර්ෂයට නංවමින් පොලිස්පතිගෙන් අජූත කතාවක් !!

තමන් කුඩා කාලයේදී තම මව තමන්ට හොඳම පොල්ලකින් පහරදුන්...