ඇඳිරිය නාවොත් රගර් ගහනවා – ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්

Date:

රෝහිත නව වනදා පොලිස් පිටියට – යෝෂිතගේ සමුගැනීමේ තරගය තවත් ඈතට

ඇඳිරි නීතිය නොදැම්මොත් සුපුරුදු පරිදි ජාතික රගර් ලීග් සූරතාවලිය පවත්වන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය පවසනවා.LNW කරන ලද විමසීමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තව දුරටත් පෙන්වා දුන්නේ තරඟ පැවත්වීම සම්බන්ධයෙන් වගකීම තමන් භාරගන්නා බවය.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට මේ වන විට එල්ලවන සමාජ විරෝධයක් එල්ලවන අතර යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන දෙදෙනාම මෙම තරගාවලිය නියෝජනය කරති.යෝෂිත ඉකුත් සතියේ සිය ක්‍රීඩක දිවියේ අවසාන තරගයට පෙනී සිටීමට සූදානමින් සිටියේය.නාවික හමුදාව තරගයට පැය කිහිපයකට කළින් රටේ වාතාවරණය නිසා නාවික හමුදා සෙබළුන්ගේ අවශ්‍යතාවය පවසමින් තරගය කල් දැමීමට ඉල්ලා සිටියේය.

පසුව ඇදිරි නීතියද පැනවුණු අතර ඒ අනුව රෝහිත රාජපක්ෂ සහභාගීවීමට නියමිතව සිටි තරගයද නොපැවත්විණි.

ඉකුත් සතියේ පැවත්වීමට නියමිතව තිබූ ඒ තරග මේ සතියේ නොපැවත්වෙන බව ද,මේ සතියට නියමිත නිපොන් පේන්ට් ජාතික රගර් සූරතා කුසලානය සඳහා වන තරග පමණක් පැවත්වෙන බවද පැවසීය.ඒ අනුව යෝෂිතට සමුගැනීමේ තරගයට මේ සතියේදී ද සහභාගිවීමට අවසර නොලැබෙන අතර අප්‍රේල් 9 වන දා පස්වරුවේ රෝහිත රාජපක්ෂ පමණක් පොලිස් ක්‍රීඩාංගණයේදී තරග වඳිනු ඇත.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තව දුරටත් පෙන්වා දුන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගිවන කණ්ඩායම තෝරා ගැනීම සඳහා තරගාවලිය පැවත්වීමට සිදු වී ඇති බවය.එසේම මේ සතියේ පැවත්වෙන මහනුවර සහ හැව්ලොක්ස් කණ්ඩායම් අතර තරගයෙන් සූරතා කුසලානය ගැන තීරණයකට එළැඹීමට හැකි බව ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...