ඉන්දීය අගමැති මෝදි සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක් : මෙරට අපනයනවලට වැඩි ඉඩක් දෙන්නැයි සජිත් ඉල්ලයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් ඊයේ (අප්‍රේල් 05) කොළඹ දී සිදුවිය.

එහි දී දෙපාර්ශ්වය අතර සමාජ, දේශපාලන හා ආර්ථික වශයෙන් වැදගත් කරුණු රැසක් ගැන අදහස් හුවමාරු කර ගැනුණි.

එසේම අප රට බංකොලොත් වූ අවස්ථාවේ අප රට තනි නොකළ එකම රට වූයේ ඉන්දීයාව බවත් ඒ අවස්ථාවේ දී රටට සවියක් වීමට ඉන්දීය රජය ලබා දුන් සහයෝගය ඉතා අගය කරන බවත් ඒ වෙනුවෙන් සිය ස්තූතිය ඉන්දීය රජයටත් ඉන්දීය ජනතාවටත් පුද කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

එමෙන්ම ඉන්දිය ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් පදනමක් ලෙස පවත්වාගෙන දෙරටේ ආර්ථික සමාජීය දේශපාලන ඉලක්ක සම්පූර්ණ කර ගෙන සෛරිත්වය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂා කර ගැනීමට කැපවන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

තවද රට වැටී ඇති ආර්ථික අවපාතයෙන් තවදුරටත් මිදිමට ඉදිරියටත් සහයෝගය ලබා දෙන ලෙසත් පැවසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ එක්සත් ජනපදය අප රටේ අපනයන කෙරෙහි පනවා ඇති 44%ක ප්‍රතිචාරාත්මක බදු (Reciprocal tariffs) තත්ත්වය තුළ මෙරට අපනයන වෙළෙඳපොළට බලපෑම් සිදුවිය හැකි බැවින් ඉන්දීය වෙළෙඳපොළ තුළ මෙරට ඇඟලුම් හා ආනෙකුත් නිෂ්පාදන භාණ්ඩවලට වැඩි අවස්ථාව ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය අගමැතිවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදෙස් ගත ශ්‍රී ලාකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා..

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ...

වසර 54කට පසු මිනිසුන් යළි හඳට – වසරේ පළමු උල්කා වැස්ස අද රාත්‍රියේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද (03)...

දිවා රෑ දෙකටම සූදානමින් හැඩ වෙන එස්එස්සී

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: කොළඹ එස්එස්සී පිටිය විස්සයි...

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...