DCSL සමාගම බාර් හිමියන්ට බලපෑම් කිරීමට එරෙහිව සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් නියෝගයක් !

Date:

මෙරට ප්‍රධානතම මත්පැන් නිෂ්පාදන සමාගමක් වන DCSL සමාගම තමන් අලුතින් නිෂ්පාදනය කරන බියර් මිලදී ගන්නා ලෙස මත්පැන් අලෙවිසැල් හිමියන්ට කොන්දේසි පැනවීම සහ බියර් මිලදී නොගන්නේ නම් DCSL සමාගමේ නිෂ්පාදිත අරක්කු වර්ග (දේශීය වෙළඳපොලේ වැඩිම ඉල්ලුමක් සහිත අතිවිශේෂ අරක්කු ඇතුළු) නිකුත් නොකිරීම හෝ නිකුත් කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් තමන් වෙත ලැබී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.

මෙසේ කටයුතු කිරීම සුරාබදු රීතීන් උල්ලංඝනය කිරීමක් බවත් සුරාබදු දෙපාර්තමේන්තුව සහ මත්පැන් නිෂ්පාදන සමාගම අතර ඇති ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවත් අසාධාරණ තරගය වැළැක්වීම සඳහා තරග විරෝධී චර්යා ඇතුළත් බුද්ධිමය දේපළ පනතේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ ඇතැම් වගන්ති උල්ලංඝනය කිරීමක් බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දී ඇත.

ඒ අනුව, මත්පැන් අලෙවිසැල් හිමියන්ට තොග වශයෙන් මත්පැන් නිකුත් කරන මොනම අවස්ථාවකදී හෝ බියර් යම්කිසි ප්‍රමාණයක් මිලදී ගන්නා ලෙස සෘජුව හෝ වක්‍රව බලපෑම් සිදු නොකළ යුතු බව සුරාබදු කොමසාරිස්වරයා විසින් නියෝගයක් නිකුත් කරමින් DCSL සමාගමට දැනුම් දී ඇති අතර ඉදිරියේදී එසේ බලපෑම් කරන බව අනාවරණය වුවහොත් එය බලපත්‍ර කොන්දේසි කඩකිරීමක් ලෙසින් සලකා ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් දැනුම් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...