මෝදි එක්ක ගිවිසුම් ගහලා රට විකුණුවේ විපක්ෂයේ අය. ආපු වෙලේ ඉඳන් මුං අඬනවා, අප්පිරියයි ඈ – මාලිමා දිනිඳු

Date:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ගිවිසුම් ගසා රට විකුණුවේ වර්තමානයේ විපක්ෂයේ සිටින දේශපාලනඥයින් බලයේ සිටි යුගයේදී බවත් පසුගිය ආණ්ඩුව ඉන්දියාවෙන් ගත් ණයක් පවා ආධාරයක් බවට පරිවර්තනය කිරීමට වත්මන් ආණ්ඩු සමයේදී ඉන්දියාව එකඟ වී ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක පවසයි.

“ආපු වෙලේ ඉඳන් විපක්ෂයේ අඳෝනාව ඇහෙන් නැද්ද ? පටන් ගත්තු වෙලේ ඉඳන් මුං අඬනවානෙ, කෑගහනවානෙ. අප්පිරියයි ඈ. මෝදි ආවා, මේ රට විකුණන්න යනවා, අර ගිවිසුම් ගහන්න යනවා. ඒ ගිවිසුම් ගැහුවේ රට විකුණුවේ ඒගොල්ලො. ඉන්දියාව දැන් එකඟවෙලා තියෙනවා මොකක්ද, අර ඕමන්ත දුම්රිය පොලට දීපු ණය, ආධාරයක් බවට පරිවර්තනය කරලා දෙන්න. වික්‍රමසිංහලා ගත්තු ණය, ආධාරයක් බවට පරිවර්තනය කරලා තියෙන්නෙ”

දිනිඳු සමන් හෙන්නායක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බදුල්ල ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...