ඔබේ ලස්සන ගැන තව ටිකක් හිතන්න..Beauty Tips

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 06 කොළඹ LNW :

කාන්තාවක් කියන්නෙ ලස්සනට ඉන්න ගොඩක් කැමති අය කීවොත් නිවැරයි, නමුත්, දරුවන්ගෙ වැඩ, රැකියාවෙ වැඩ සහ ගෙදර දොර වැඩකටයුතුත් එක්ක කාන්තාවන්ට තමන් ගැන හිතන්න කාලය ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ඒ නිසාම තමන්ගේ බාහිර පෙනුම වඩාත් සුන්දරව පවත්වාගෙන යාමට නිරන්තරයෙන් කරන්නට මේ රූපලාවන්‍යය අදහස් ටික ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි කියලා මෙසේ ලියා තබමි.

  • ඔබේ තොල් අවපැහැගැන්විලාද?

එදිනෙදා පිටතට යද්දි ඔබ නිතරම තොල් ආලේපන භාවිතා කරන අයෙකු නම් කාලයක් යද්දි තොල් අවපැහැ ගැන්වීම සිදුවෙන්න පුලුවන්. ඒ නිසා තොල් අවපැහැ ගැන්වීම අවම කරගන්න නම් රාත්‍රී කාලයේදී නින්දට පෙර හොඳින් දෙතොල් පිරිසුදු කරගෙන ඔලිව් තෙල් ස්වල්පයක් ආලේප කරන්න. සති තුනකට වරක් කෝපි කුඩු සුවල්පයක් සමඟ සීනී ස්වල්පයක් මිශ්‍රකර සාදාගන්නා ස්වභාවික ස්ක්‍රබ් එක මඟින් සියුම්ව දෙතොල් ස්ක්‍රබ් කර මැරුණු සම ඉවත්කර ගන්න.

  • තව දෙයක්, අයි ලයින බෝතලය වියළී ගිහින්ද? එසේනම් මෙන්න විසඳුම..

හුඟක් වෙලාවට අපි නිතර භාවිතයට නොගන්න විට ආලේපන වර්ග කැට ගැසීම සිදුවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒ වගේ වෙලාවක එය ඉවත්කර අලුත් එකක් මිළදී ගන්න ඕනෑ නැහැ. එය නැවතත් යතා තත්වයට ගන්න නම් ඇලෝවේරා ජෙල් ස්වල්පයක් එම බෝතලයට එකතුකරගන්න. එවිට කැටිගැසී ඇති අයිලයින එක නැවතත් දියරයක් විදියට ආලේපකරගන්නට පුළුවන්,

  • සුසිනිදු මුහුණට වඩා අත් වයළී ගිහින්ද?

දෙඅත් වියලීම සාමාන්‍යයෙන් බොහෝ කාන්තාවන් තුළ දක්නට ලැබෙනවා. ඒ සඳහා ප්‍රතිකාරයක් ලෙස රාත්‍රී නින්දට යාමට පෙර දෙඅත් හොඳින් පිරිසුදු කරගෙන දෑත් සඳහාම තිබෙන හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කර හොදින් මසාජ් කරන්න.

  • ඔබ දිනපතා නිය පොත්තේ සහ සමේ තැවරෙන නිය වර්ණ සම්පූර්ණයෙන්ම ඉවත්කරගන්නේ කොහොමද?

තද පැහැති නිය ආලේපන ඉවත් කිරීමේදී එම වර්ණය ඉවත් වී ගියත් මද ප්‍රමාණයක් නියපොත්තේ සහ සමට උරාගෙන තිබීම නිසා එවැනි වර්ණ ඉවත් කරගැනීම වැඩි දෙනකුට අපහසු දෙයක්. ඒ වගේ වෙලාවට වර්ණය ඉවත්කරගන්න කලින්  නියපොත්ත සහ එය අවට සමේ වැස්ලින් වැනි ගණකමින් යුතු ක්‍රීම් එකක් ආලේපකරගෙන පසුව නිය වර්ණය ඉවත්කරගන්න පුළුවන් .

  • තව දෙයක්, නිතර භාවිතා කරන ලේන්සුව වෙනුවට?

ලේන්සුව නොදැනුවත්වම මේස මත තැබීමත්, අත්බෑගයේ දමා නිතර නිතර පිටතට ගනිමින් දහදිය පිසින විටත් එහි රැදී තිබෙන දුහුවිලි සහ විසබීජ අපට නොදැනීම මුහුණේ තැවරීම සිදුවෙන්වා. කාන්තාවන්ගෙන් සියට අනූ පහක්ම පුරුද්දක් විදියට රෙදි ලේන්සුවක් පාවිච්චි කරනවා නිතර දකින්න පුළුවන්. නමුත් එමඟින් වැඩිපුර විසබීජ තැවරෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? ඒ නිසා එයට හොඳම විසඳූමක් විදියට පුංචි දරුවන් වෙනුවෙන් නිශ්පාදනය කල වෙට් ටිෂු කවරයක් නිරන්තරයෙන් අත්බෑගයේ තබා ගැනීම හොඳ පුරුද්දක්. එයින් නැවුම්ව සම පිරිසුදුකරගැනීමේ හැකියාවත් පවතින නිසා සමට සිදුවන හානිය අවම කරගන්නත් කැකියාව තියෙනවා.

  • හැමෝටම තියෙන ලිකුම ප්‍රශ්නය: නිතර නිතර හිසකෙස් ගැලවෙනවද?

සතියකට දෙවතාවක් කරපිංචා තේ එකක් පානය කිරීමෙන් ඉක්මනින්ම හිසකෙස් ගැලවීයාම නවත්වා ගැනීමට පුළුවන්. කරපිංචා ඉති 3කට වතුර අඩු කෝප්ප දෙකක් එකතුකර තම්බා ගැනීමෙන් හදන කරපිංචා තේ එකට ඔබ කැමති නම් ලෙමන් යුෂත් එකතු කරගන්න පුළුවන්. දවසේ වැඩි හරියක් එක තැනක රැදී සිටිනවානම් දියවැඩියාව, කොලස්ට්‍රරෝල් පාලනය කරගෙන ඇඟ හැඩට තියාගන්න මේ කරපිංචා ලෙමන් තේ එක හොඳ පානයක් වේවි.

උපදෙස් ලබා දුන් ප්‍රවීණ රූපලාවන්‍යය ශිල්පීණී චාන්දනී බණ්ඩාර මහත්මියට ස්තූතිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...