Home පුවත් අත්අඩංගුවට ගැනීම අභියෝග කරමින් සුරේෂ් සලේගෙන් රිට් පෙත්සමක්!

අත්අඩංගුවට ගැනීම අභියෝග කරමින් සුරේෂ් සලේගෙන් රිට් පෙත්සමක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 06, කොළඹ LNW :

රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඔහු තමන්ගේ අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ තවත් පිරිසක් නම් කර ඇති බව මෙහි සඳහන් වේ.

විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා සිය නීතිඥවරුන් මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතිමය පියවර අත්හිටුවීමේ අරමුණෙනි.