ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: ඇමරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් සිය බුද්ධි අංශ ප්‍රධානි මජිඩ් ඛදීම් ඝාතනය වී ඇති බව ඉරානය නිවේදනය කරයි.
පසුගිය පැය කිහිපය තුළ ඉරානය අගනුවර නැගෙනහිර, බටහිර සහ දකුණු ප්‍රදේශවලට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල වෙමින් තිබෙන අතර
උතුරේ මෙම ප්‍රහාර අඛණ්ඩව සිදුවන ආකාරය දැකගත හැකි බවයි ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අද අලුයම ඉරානයේ ෂරීෆ් තාක්ෂණ විශ්ව විද්‍යාලය ඉලක්ක කරගෙනද ප්‍රහාර එල්ල වී ඇත.
ගුවන් දර්ශන මගින් විශාල හානියක් පෙන්නුම් කර තිබෙන අතර, මෙය විශ්ව විද්‍යාලයකට පහර දුන් පළමු අවස්ථාව නොවේ.මීට පෙරද ඉරානයේ ප්‍රධාන විශ්ව විද්‍යාල තුනකට ප්‍රහාර එල්ල වී තිබේ.
ගුවන් ප්‍රහාර හේතුවෙන් රට පුරා විශ්ව විද්‍යාල 30කට වැඩි ප්‍රමාණයක් බලපෑමකට ලක්ව තිබෙන බව ඉරාන රජය පවසයි.
මේ අතර පාකිස්තානයේ මැදිහත්වීම මත සටන් විරාමයකට සූදානම් වීමක් සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන අතර ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා සඳහන්කර ඇත්තේ ඔවුන් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් කිහිප වතාවක්ම ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
ඉන්පසු, යම් ආකාරයක සහයෝගීතාවයක් තිබේ නම්, යම් ආකාරයක එකඟතාවයක් තිබේ නම්, ඔවුන්ගේ අපගේ නායකයින් ඉලක්ක කර නොගන්නා බවට දෙන සහතික මොනවාද? යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්නයක් මතු කර ඇත.


