උත්සව සමය වෙනුවෙන් බස් රථ 7000ක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ , එළඹෙන උත්සවය සමය වෙනුවෙන් මගීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස්කර ඇති බවයි .

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා මේ බව පැවසූ අතර , එහි අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේ හෙට සිට 18 වනදා දක්වා ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සඳහා බස් රථ 7000ක් යොදවා ඇති බවය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා තව දුරටත් පැවසූවේ ,

“එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංගම සහ අනෙකුත් පෞද්ගලික බස්රථ විශේෂ වැඩපිළිවෙලක් අපි යොදවා තියෙනවා. විශේෂයෙන්ම එය හෙට දිනයේ සිට 18 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. හෙට දිනයේ සිට 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත්වලට බස් රථ ධාවනය සිදුවෙනවා විශේෂ වැඩපිළිවෙල යටතේ. 15 වනදා සිට 18 වනදා දක්වා පිට පළාත්වල සිට කොළඹ බලා ගමන්කරන මගීන්ගේ පහසුව සඳහා විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මකවනවා. මේ වැඩපිළිවෙල යටතේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ 7000ක් පමණ ධාවනයට එකතු කරනවා. ඊට අමතරව බස් රථ 300ක පමණක පෞද්ගලික බස් රථ ඇණියක් අපි සූදානම් කරලා තියෙනවා හදිසි අවස්ථාවක යොදවන්න. ඒ අනුව බැස්ටියන් මාවතේ සිට බස් රථ 3000ක පමණ පෞද්ගලික බස් රථ ප්‍රමාණයකුත් ශ්‍රී ලංගම බස් රථ 4000ක පමණ ප්‍රමාණයකුත් මේ සඳහා එක්කරනවා. මේ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා ජංගම පරීක්ෂකවරු යොදවලා තියෙනවා. මගීන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශවවල සහාය ඉල්ලා තිබෙනවා. මේ අතර බස්නාහිර පළාත තුළ වෙළෙඳ කලාපවල සිට සිය ගම්බිම් බලා යාමට විශේෂ බස් රථ සේවයක් යොදවා තියෙනවා.”

“මෙම කාලසීමාවේදී බස් රථවල ජංගම වෙළෙඳාම තහනම් කරලා තියෙනවා. මේ අතර ගුණසිංහපුර සහ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ වෙත යාචකයින් ඇතුළුවීම නවතා තිබෙනවා. විශේෂයෙන්ම බස් රථවල කාර්යමණ්ඩලයට උපදෙස් දී තියෙනවා ජංගම වෙළෙඳාම බස් රථවල සිදුනොකිරීමට.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...