හිරු මුදුන් වෙයි. වැසි අඩුවෙයි – අද (07) කාලගුණය

Date:

අද (07) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්මපාර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

ඒ හේතුවෙන් අද (07) දහවල් 12:12ට කඩවත, බදුල්ල, ලුණුගල, කෝන්ගස්පිටිය, බක්මිටියාව සහ කොත්මලේ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුනාට වරෙන්තු!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු නිතුත් කර...

තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22)...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය...

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22) ඉසුරුපාය...