සමඟි බුද්ධි මණ්ඩපය අද කොළඹ “Shangri-La” හෝටලයේ දී – ක්ෂේත්‍ර 07ක් ගැන සෘජු අවධානය – ප්‍රශ්නවලට පිළිතුරු සජිත්ගෙන්ම!

Date:

කොළඹ LNW:සමගි ජන බලවේගය යටතේ සන්ධාන ගත වී සිටින විශ්ව විද්‍යාල ඇදුරන්ගේ මුලිකත්වයෙන් යුතුව ආරම්භ කර ඇති “සමගි බුද්ධි මණ්ඩපයේ” පළමු වාර්ෂික සම්මේලනය කොළඹ “Shangri-La” හෝටලයේ දී අද (07) වැනිදා පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිතයි.

රට ගොඩනගන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අරමුණින් යුතු “සමගි බුද්ධි මණ්ඩපය” වටා, මේවනවිට රට පුරා පිහිටි විශ්ව විද්‍යාල 17 නියෝජනය වන පරිදි ආචාර්ය-මහාචාර්යවරුන් 1131 දෙනෙක් එක්ව සිටින බව සඳහන්.

“සමගි බුද්ධි මණ්ඩපයේ” සභාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම කටයුතු කරන අතර ලේකම්වරයා ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ, දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය එස් බාස්කරන් කටයුතු කරයි. එහි ජාතික සම්බන්ධීකාරක ලෙස දර්ශනපති රන්ජන් බණ්ඩාර කටයුතු කරති.

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සංවාද සංසදය ලෙස ක්‍රියා කරන ජාතික බුද්ධි මණ්ඩපයේ වගකීම සහ කාර්ය භාරය ලෙස දැක්වෙන්නේ එම පක්ෂයේ පාලනයක් යටතේ ආර්ථික, දේශපාලනික, සමාජ, සංස්කෘතික සහ භූ දේශපාලනික වශයෙන් රට ගොඩනගා ජනතාව සවි බල ගැන්වීමට අදාළව ප්‍රතිපත්ති සකස් කිරීම බවයි.

මිට අමතරව තවත් විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් රැසක් “සමගි බුද්ධි මණ්ඩපය” සමග එක් වෙමින් ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මතවාදීව සිය සහය පළ කිරීමට සූදානමින් සිටින බව පැවසූ එහි ජාතික සම්බන්ධීකාරක දර්ශනපති රන්ජන් බණ්ඩාර මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු විශාලතම “බුද්ධි කවය” “සමගි බුද්ධි මණ්ඩපය” වන බවයි.

මේ අතර අද බුද්ධි මණ්ඩපයේ මෙහෙයුම්කාරක කාර්යභාරය කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පිලිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ මහතා වෙත පවරා තිබෙන අතර ඔහු ප්‍රමුඛ පෙළේ සිවිල් ක්‍රියාකාරිකයෙකි.

වීරසිංහ මහතා කලක් චීන ජාත්‍යන්තර ගුවන් විදුලි රූපවාහිනී ආයතනයේ විදේශ විශේෂඥයා ලෙසද, ආසියානු සංවර්ධන බැංකුවේ health system project හි ජාතික සන්නිවේදන විශේෂඥයා ලෙසද කටයුතු කර තිබේ.

ආචාර්ය ප්‍රදීප් එන්.වීරසිංහ මේවනවිට සමගි ජන බලවේගයේ හාලිඇල ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙසද කටයුතු කරමින් සිටියි.

අද (07) පැවැත්වෙන ‘සමගි බුද්ධි මණ්ඩපය’ ජාතික සමුළුවේ දී මතභේදයට තුඩුදෙන මාතෘකා හතක් ඔස්සේ මතුකරන ප්‍රශ්නවලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පිළිතුරු දීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය