පුද්ගලික ඖෂධ සමාගම් සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

Date:

පුද්ගලික ඖෂධ සමාගමක නීතිඥවරුන් තම පෞද්ගලික කටයුතු සඳහා වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් භාවිතා කොට ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය කළ පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද මීට සමගාමීව දැනුම්දීමටත් එම කොමිසම කටයුතු කර ඇත.

බාල ඖෂධ කියා දෙයක් නොමැති බවට සිදු කරන ලද ප්‍රකාශයක් හරහා අසේල ගුණවර්ධන මහතා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහාය වන පරිද්දෙන් කටයුතු කර ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සිදුකළ ප්‍රකාශයකින් තමාට අපහාස වන බවට අසේල ගුණවර්ධන මහතා තමාට පුද්ගලික එන්තර්වාසියක් එවීමට කටයුතු කර ඇති බවත් ඒ සඳහා යොදාගත් නීතිඥ කණ්ඩායම මෙරට ප්‍රශ්න සහගත ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනු සම්බන්ධව දැනට විමර්ශන වලට භාජනය වෙමින් පවතින සමාගමක නීතිඥ පිරිසක් වීම මෙරට මහජනතාවට බලවත් අයුක්තියක් සහ අගතියක් බව සඳහන් කරමින් වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය මෙම පැමිණිල්ල ගොනුකොට තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...