*
Thursday, April 10, 2025
spot_img

Latest Posts

ගාර්ෆීල්ඩ්ගේ ලසඤ්ඤා මතකයි නේද? අපිත් චිකන් ලසඤ්ඤා හදමුද …

රෂිකා හෙන්නායක අප්‍රේල් 07 කොළඹ LNW :

අපි හැමෝගෙම පුංචි කාලේ කාටුන් බලපු අතීතයක් තිබුණා මතකනේ, ඉතිං ඒ කාලෙ අපි බලපු ගාර්ෆීල්ඩ්ගේ ලසඤ්ඤා මතකයි නේද? ගෙදරදි අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කීපයක් භාවිතා කරල රස පිරුණු ලසඤ්ඤා හදාගන්නෙ කොහොමද කියල ඔන්න ඔබට කියල දෙන්නයි මේ සූදානම් වෙන්නේ,

මුලින්ම බලමු අපිට අවශ්‍ය දේවල්

ලසඤ්ඤා ශීට් සඳහා

පාන් පිටි කෝප්ප 02 ක්, තෙල් මේස හැඳි 01 ක්, ලුණු කුඩු තේ හැඳි ½ ක්, කිරි කෝප්ප 02 යි ¾ ක්

මස් මිශ්‍රණය සඳහා

හොඳින් පිරිසිදු කරගෙන කටු ඉවත් කරගෙන, කුඩා කැබලි වලට කපාගෙන අඹරාගත් හෝ පිහියක් භාවිතයෙන් කුඩාවට පොඩි කරගත් කුකුල් මස් 01 kg ක්, කොටු කපාගත් ලොකු ලූණු කෝප්ප ½ ක්, අඹරාගත් ඉඟුරු සුදුළූණු මිශ්‍රණයෙන් මේස හැඳි 01 ක්, කුඩා කොටු හැඩයට කපාගත් බෙල් පෙපර් හෝ මාළු මිරිස් කෝප්ප ½ ක්, තක්කාලි සෝස් මේස හැඳි 02 ක්, තෙල් මේස හැඳි 02 ක්, රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ කෑලි මිරිස් කුඩු, වතුර කෝප්ප 01 ක්,

වයිට් සෝස් සඳහා

බටර් මේස හැඳි 03 ක්, පිටි මේස හැඳි 02 ක්, කිරි කෝප්ප 01 ක්, ලුණු කුඩු තේ හැඳි ⅛ ක්,

සරසා ගැනීමට

ගාගත් චීස් කෝප්ප 01 ක්

සාදාගන්නා ආකාරය

මුලින්ම තරමක් විශාල භාජනයක් ගෙන එයට පාන් පිටි, ලුණු කුඩු, තෙල් එකතු කර හොඳින් කලවම් කරගන්න.දැන්, මේ පිටි මිශ්‍රණයට කිරි ටිකෙන් ටික එකතු කරමින් දියාරු මිශ්‍රණයක් සාදාගන්න.පැතලි නන්ස්ටික් භාජනයක් ලිප තබා එහි තෙල් ස්වල්පයක් ආලේප කරගන්න.තෙල් රත්වූ විට සාදාගත් පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් එයට දමා රොටියක් ආකාරයට තැටිය පුරා රවුමට සාදාගන්න.එක් පැත්තක් විනාඩියක් දෙකක් පමණ පිසගෙන අනෙක් පැත්ත හරවා ඒ පැත්තත් විනාඩියක් දෙකක් පමණ පිසගන්න.

මේ ආකාරයට පිටි මිශ්‍රණය අවසන් වන තුරු පිටි රවුම් සාදාගෙන පසෙකින් තබාගන්න.ඊළඟට තවත් භාජනයක් ලිපතබා එයට තෙල් එකතු කර තෙල් රත්වූ පසු ලොකු ලූණු, අඹරාගත් ඉඟුරු සුදුළූණු, අඹරාගත් මස්, මාළු මිරිස් / බෙල් පෙපර් එකතු කරගන්න.මස් සුදු පැහැයට හැරුනු පසු තක්කාලි සෝස් සහ රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ කෑලි මිරිස් එකතු කර හොඳින් කලවම් කරගන්න.එයට වතුර කෝප්පය එකතු කර නැවත හොඳින් කලවම් කර භාජනයේ පියන වසා වතුර හිදෙන තුරු හොඳින් පිසගන්න.

දැන් අපි මස් මිශ්‍රණය සකසාගෙන අවසන්. ඊළඟට අපි වයිට් සෝස් මිශ්‍රණය සකසාගමු. ඒ සඳහා භාජනයක් ලිප තබා එයට බටර් එකතු කර බටර් දියවීගෙන එන විට පිටි එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. කලවම් කරගත් මිශ්‍රණයට ලුණු කුඩු සහ කිරි ටිකෙන් ටික එකතු කරමින් සෙමින් හැඳි ගාගෙන උකු කැටි නොගැසෙන මිශ්‍රණයක් සාදාගන්න. දැන් අපි අවසන් අදීරයට ලඟාවෙලයි ඉන්නේ.

මේ වෙලාවෙදී අවන් එක සෙන්ටිග්‍රේට් අංශක 180 උෂ්ණත්වයේ රත්වීමට තබන්න. බේකින් තැටියක තෙල් කඩදාසියක් අතුරා හෝ අවන් එකේ භාවිතයට සුදුසු වීදුරු භාජනයක් ගෙන ඒ මත මුලින්ම සාදාගත් පිටි රොටිය අතුරා ගන්න.ඒ මත කුකුල් මස් මිශ්‍රණය අතුරා ඊට උඩින් වයිට් සෝස් ටිකක් සහ චීස් ද අතුරාගන්න.

ඒ මත නැවත පිටි රොටියක් අතුරා නැවත කුකුල් මස් මිශ්‍රණය, වයිට් සෝස් සහ චීස් අතුරාගන්න.නැවත පිටි රොටියක් අතුරා ඒ මත වයිට් සෝස් වත්කරගෙන උඩින් චීස් ස්වල්පයක් සහ බෙල් පෙපර්, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු වැනි ඔබ කැමති දේවල් භාවිතා කර සරසා ගන්න.දැන් මේ සකසාගත් ලසඤ්ඤා රත්වීමට තැබූ අවන් එකේ / සෙන්ටිග්‍රේට් අංශක 180 විනාඩි 15 ක් බේක් කරගෙන උණුසුම්වම රසවිඳින්න.

ඉතිං මෙදා අවුරුද්දේ මේ විදිහට චිකන් ලසඤ්ඤා හදල දරුවොත් එක්ක රස බලමුද?

තවත් රසවත් කෑමකින් යළිත් හමුවෙමු…

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan