හංගේරියානු මැතිවරණයට  JD Vanceගේ සහාය…

රෂිකා හෙන්නායක අප්‍රේල් 07, කොළඹ LNW :

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් හංගේරියාවේ සංචාරයක නිරත වෙමින් එරට අගමැති වික්ටර් ඕර්බන් වෙත සහය පළ කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එළඹෙන මැතිවරණයේදී ඕර්බන්ගේ පක්ෂය දැඩි අභියෝගයකට මුහුණ දී සිටින අතර, මෙම සංචාරය හරහා අමෙරිකානු සහ හංගේරියානු දක්ශිණාංශික දේශපාලන සබඳතා ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

දූෂණ චෝදනා සහ ආර්ථික ගැටලු මුල් කරගනිමින් පීටර් මග්යාර් ප්‍රමුඛ විපක්ෂය මේ වන විට ජනමත විමසුම්වල ඉදිරියෙන් පසුවෙයි.

ට්‍රම්ප් පරිපාලනය සහ ඕර්බන් අතර පවතින සමීප දෘෂ්ටිවාදාත්මක බැඳීම මෙම සංචාරයෙන් තහවුරු වන නමුත්, එය මැතිවරණ ප්‍රතිඵලයට කෙතරම් බලපෑමක් කරයිද යන්න විචාරකයෝ ප්‍රශ්න කරති.

මෙම මිත්‍රත්වය හරහා හංගේරියාවට මූල්‍යමය සහතිකයක් හිමිවනු ඇතැයි යන බලාපොරොත්තුව ද ඇති බව අවධාරණය කෙරේ.