Home විශේෂාංග ඉසුරුමුණියේ පෙම්බරිය!

ඉසුරුමුණියේ පෙම්බරිය!

සටහන – රත්නපාල ගමගේ 
ස්විට්සර්ලන්තය (LNW) :
 

කිමිදිලා සිත පත්ල
කොදුරනා සොදුරියේ
හුස්ම පොද ලං කරන්
මුමුනන්නකො පෙම් හැගුම්
පෙම්බරිය සේ ඉසුරුමුණියේ

නුවර වැසි සැමදෙනා
විදින නිදි සුව රැයකදී
අත් වැලක් වී හැමදා
අපි අපිම ලෙස එක්වෙමු
පෙම්බරිය සේ ඉසුරුමුණියේ

සැමදාම ඔබ ළගය මා
පැවසූ වදන් සුරතල්
මුමුනන්නකෝ තව තවත්
තුරුළු වී ආදරෙන්
පෙම්බරිය සේ ඉසුරුමුණියේ