සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය අවසන් අදියරේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආගමික සිද්ධස්ථානවල සහ රජයේ පොදු ගොඩනැගලිවල වහළය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ රජයේ ගොඩනැගිලිවලින් 90% ක පමණ මැනුම් කටයුතු අවසන් කර ඇති බවත් සියලු මැනුම් මේ මස 15 වැනිදාට පෙර අවසන් කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි .

අමාත්‍යවරයා පැවසූවේ , ජාතික පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ගුරු විදුහල්, හමුදා ගොඩනැගලි, පොලිස් ස්ථාන, සියලු ආගම්වලට අයත් අදායම් නොමැති ආගමික සිද්ධස්ථාන රජයේ ගොඩනැගලි යටතට ගෙන ඇති බවත් රජයේ රෝහල් සහ පළාත් පාසල් මෙම වැඩපිළවෙලට මූලිකව ඇතුළත්ව තිබුණ ද මෙවැනිම ව්‍යාපෘති දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සභා ක්‍රියාත්මක කරන බැවින් එම ගොඩනැගිලි එම ව්‍යාපෘතිවලට ඇතුළත් කරන බවත්ය .

අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේ , ඩොලර් මිලියන 100ක ඉන්දියානු ණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක්‍රමය ඉන්දියානු එක්සිම් බැංකුව හරහා ක්‍රියාත්මක වන අතර ඉදිකිරීම් සමාගම සහ සුර්ය පැනල මිලදීගැනීමේ ප්‍රසම්පාදන එම බැංකුව කරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...