අවුරුදු කාලයේ රථ වාහනය පාලනට 10,000 කට ආසන්න පොලිස් නිලධාරින් පිරිසක් – නිහාල් තල්දූව

0
98

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08, කොළඹ (LNW):අවුරුදු උත්සව සමයේ රථ වාහනය පාලනය සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරින් පිරිසක් රාජකාරියේ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටී.

බස්නාහිර පළාත තුළ පමණක් නිලධාරින් 2000 ක් පමණ රාජකාරියේ යොදවන බවත්, අවුරුදු සමයේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 1000 ට ආසන්න පිරිසක් යොදා ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති,  නීතිඥ නිහාල් තල්දුව මහතා වැඩිදුරටත් කියා සිටියේය.