හිරගේ බොහෝම දුකයි, නමුත් ජනතාව ඊට වඩා දුක් විඳිනවානෙ – රංජන් කියපු කතාව (VIDEO)

Date:

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව ඊයේ (07) දිනයේත් කැඳවා තිබිණි.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ මහතාව කොමිසමට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ අතර ඉන් පිටව යන මොහොතේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට රාමනායක මහතා පිළිතුරු දුන්නේ මේ ආකාරයෙනි.

ප්‍රශ්නය – රංජන්, කොහොමද සැප සනීප ?

“හිරගේ බොහෝම දුකයි, නමුත් ජනතාව ඊට වඩා දුක් විඳිනවා නෙ”

ප්‍රශ්නය – ජනතාව කරන විරෝධතා ගැන මොකද හිතෙන්නෙ ?

“ජනතා විරෝධය අන්තිම සාධාරණයි මල්ලි”

ප්‍රශ්නය – සාධාරණයි කියන්නෙ ?

“ජනතාව දුක් විඳිනවානෙ මල්ලි. තෙල් නෑ, ගෑස් නෑ, පෙට්‍රල් නෑ, කන්න නෑ, බොන්න නෑ”

“කතා කරන්න තහනම් කරලා තියෙන්නෙ මල්ලි, මේගොල්ලොන්ගෙ ජොබ් එකට ප්‍රශ්න වෙනවානෙ”

“ජයවේවා !”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...