රටෙි තත්වය උණුසුම් ඉතින් අහන ප්‍රශ්නත් හරිම උණුසුම්..

Date:

හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නත් බැහැ. එහෙත් අසත්‍ය තොරතුරක් පැතිරෙන බැවින් මෙම ප්‍රශ්නය පමනක් තෝරාගත්තා..
ප්‍රශ්නය
..
මොකක්ද අර අධි ආරක්ෂාවක් සහිතව කොළඹ වරායෙන් පිට කරපු කන්ටේනරය. රේගුව ඇස්වහගෙනද ඉන්නේ..
පිළිතුර…

නැහැ… රේගුව එහෙම ඇස්වහගෙන ඉන්න ආයතනයක් නමි නොවේ. පැය 24 ම හොදට ඇහැ ඇරගෙන ඉන්න, රටෙි වඩාත්ම ක්‍රියාශීලී, සජීවී දෙපාර්තමේන්තුවක්.

අපි දැන් බලමු… මෙි කියන කතාව සරලව තේරෙන විදිහකට..

රේගුව කියන්නේ ශ්‍රී ලංකාවෙි නීති පමනක් නොව ජාත්‍යන්තර නීති සහ සමිමුති වලින් බැදුනු, නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක්.(Law enforcement).. එමනිසා මෙවැනි ජාත්‍යන්තර කටයුතුවලදී ප්‍රබල දායකත්වයක් ශ්‍රී ලංකා රේගුව දරනවා..

අදාල කන්ටෙිනරය බියගම නිදහස් වෙළද කලාපයේ දහස් ගනනකට රැකියා සපයන (Surgical Gloves) වැනි ඉතා ඉහල මටිටමෙි රබර් නිෂ්පාදන සාදන ඇන්සල් ලංකා(Ancel Lanka) ආයතනය මගින් භාවිතයෙන් පසුව විනාශ කිරීම සදහා කැනඩාවට ප්‍රතිනැවිගත කරන(Radioactive waste ) සහිත කන්ටෙිනරයක්.

මෙහි තිබුනේ කොබෝල්ටි 60 නමිවන විකිරණශීලී ද්‍රව්‍ය (Radioactive materials) අඩංගු කැනිස්ටරයක්.
කන්ටෙිනර් ප්‍රවාහනයේදී එහි අඩංගු දෑ රේගුවට ප්‍රකාශ කිරීම අනිවාර්යයි.. .එපමනක්ද නොව වරායට ඇතුළුවන සහ වරායෙන් පිටවන ස්ථානවල මෙම කන්ටෙිනර් සමිපූර්ණයෙන්ම ස්කෑන් කෙරෙනවා..

⁣විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා සුවිශේෂ ක්‍රියාවලියක් තිබෙනවා,ඒ සදහා පුහුණු කල රේගු නිළධාරීන්, පොලිස් නිළධාරීන් සහ නියාමනය සදහා ශ්‍රී ලංකා පරමානුක බලශක්ති අධිකාරියේ සහ නියාමක සභාවේ විද්‍යාඥයන් සහභාගී වෙන සමූහ අධීක්ෂනයකින් තමයි විකිරණ ශීලී ද්‍රව්‍ය ආනයනය, අපනයනය සහ ගොඩබිමි ප්‍රවාහනය සිදු කරන්නේ.

විශේෂ කාර්යය බලකාය යොදවන්නේ මහජනතාවගේ ආරක්ෂාව සදහායි. ගුවනින් ගුවන් හමුදාව ආරක්ෂාව සපයමින් නීරීක්ෂණය කරනවා…
යමි ආකාරයේ අනතුරක් හෝ විකිරණ විසරනයක් සිදුවුනොත් වර්ග කිලෝ මීටර් 40 ක පමන වපසරියකට බලපෑමි ඇතිවෙනවා.දසදහස් ගනනකට පිලිකාකාරක බලපෑමක් ඇතිවිය හැක. එතරමිම අනතුරැදායක විය හැකියි.

මෙම උදෘත කන්ටේනරය කැනඩාවට යනතෙක්ම ඉහත ආයතනවලට අමතරව ඇමෙරිකානු බලශක්ති අධිකාරිය (USA energy authority) මගින්ද ආවෙික්ෂනය කරනවා. මෙය විකිරණ ශීලී අපද්‍රව්‍යයක් බැවින් කැනඩාවෙි විශාල භූගත ගබඩාවකට යොමු කෙරෙනවා විනාශ කිරී⁣ම සදහා…

(Low level Radioactive biomedical waste for Disposal at Canada)…
පරාක්‍රම බස්නායක.. Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...