ජන අරගලයට හිසක් හා පාර්ලිමේන්තුවට හදවතක් අවශ්‍යයි – මහින්ද දේශප්‍රියගේ සංවේදී සටහන

0
1537

”මේ අර්බුදයෙන් ගැලවීමට ජන අරගලයට හිසක් හා මේ පාර්ලිමේන්තුවට හදවතක් අවශ්‍යවේ” යන උපුටා දක්වමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සංවේදී ෆේස්බුක් සටහනක් තබා තිබේ.

බොහෝ දෙනෙකුගේ අවධානය ඊට යොමුව ඇති අතර ඉතා සාධනීය ප්‍රතිචාරද ඊට ලැබී ඇත.

එම ෆේස්බුක් සටහන පහතින් දැක්වෙයි.

මේ අප්‍රේල් මාසයයි. අප්‍රේල් යනු කුප්‍රකට 83 කළු ජූලිය මෙන්ම 1971 හා 2019 දී ලේ හා කඳුළු ගලාගිය ගින්දරින් හා වෙඩි දුමාරයෙන් පිරුණු මාසයකි,

වීදියේ අරගල කරුවනි, මේ අප්‍රේල් මාසයද ප්‍රචණ්ඩත්වය තුළින් එසේ කිරීමට උත්සාහ කරන හා ප්‍රතිඅභියෝග කරන එමෙන්ම උද්ධච්ච ලෙස කතා කරන සියල්ලන්ම පරාජය කර හැක්කේ අවිහිංසාවෙන් හා ප්‍රේමයෙනි .

අ⁣පේ සහෝදර ගාමිණී ඒකනායකගේ පෝස්ටුවක තිබූ වැකියක් පහත අලවමි
”මේ අර්බුදයෙන් ගැලවීමට ජන අරගලයට හිසක් හා මේ පාර්ලිමේන්තුවට හදවතක් අවශ්‍යවේ ”

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here