අලි සබ්‍රි මුදල් ඇමතිකම යළි භාරගත්තේ බැසිල්ගේ ඉල්ලීම පිට …

Date:

මුදල් අමාත්‍ය ධුරයට පත්වී දිනක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණු මොහොමඩ් අලි සබ්‍රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට එකඟ වී ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව බව වාර්තා වේ.

මේ මොහොත වනවිට රටේ පවතින බැරෑරුම් ආර්ථික අර්බුදය අනුව ලබන 11 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් (IMF) සමග ආරම්භ කිරීමට නියමිත සාකච්ඡාව රටට අතිශයින්ම තීරණාත්මක වී තිබේ. එසේවෙතත් ශ්‍රී ලංකාවට මුදල් අමාත්‍යවරයෙකු නොමැති නම් එම සාකච්ඡාව එදින පැවැත්වීමට නොහැකි වනු ඇති අතර රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ ප්‍රවේශය තවත් සැලකියයුතු කාලයකින් එපිටට ඇදෙනු ඇත.

ඒ අනුව, බැසිල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් මොහොමඩ් අලි සබ්‍රි මහතා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර තමන් IMF සමග සාකච්ඡා ආරම්භ කිරීමට ලබාගත් ප්‍රවේශය රට වෙනුවෙන් අඛණ්ඩව ඉදිරියට ගෙනයන ලෙස ඉල්ලීමක් ද කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

අලි සබ්‍රි මහතා ආර්ථිකය සම්බන්ධ විශේෂඥයෙකු නොවුණ ද ඔහු නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන නිසාත් ජාත්‍යන්තරය සමග මනාව සබඳකම් ඉදිරියට ගෙන යා හැකි, ජාතිවාදී නොවන දැක්මකින් යුතු අයෙකු නිසාත් මෙම තනතුර භාරගෙන IMF සමග සාකච්ඡා සාර්ථක කරගන්නා ලෙස ඉල්ලා ඇති බැසිල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් තමන් සමග සිටි විශේෂඥ කණ්ඩායමේ සහාය උපරිම වශයෙන් ලබාදෙන බවට පොරොන්දු වී ඇති බවත් සඳහන්.

මෙම තත්වය මත මුදල් අමාත්‍ය ධුරයට කිසිවෙකුත් ඉදිරිපත් නොවෙද්දි මෙන්ම තමන් එය භාරගැනීම වැළැක්වීමටත් ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්ව කටයුතු කරද්දී පවා අලි සබ්‍රි මහතා එය භාරගැනීමට තීරණය කරන ලද බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

අලි සබ්‍රි මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන නොමැති නිසා ඒ මහතාට මුදල් අමාත්‍ය ධුරයෙහි නැවත දිවුරුම් දීමක් අවශ්‍ය නොවන අතර නිල වශයෙන් මේ මොහොත වනවිටත් රටේ මුදල් අමාත්‍යවරයා වන්නේ ඒ මහතා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...