චාමර සම්පත් ඇප මත නිදහස්!

Date:

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, එම නඩුව අද (08) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකිරීම ඔහුට එල්ල වී තිබෙන චෝදනාවයි.

දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මන්ත්‍රීවරයාට චෝදනා ගොනුකර ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීති නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා තිබුණේ මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් කර තිබෙන බවත් සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුව රු.50,000ක මුදල් ඇපයක් සහ මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමට නියෝග අකර තිබේ.

එමෙන්ම සැකකරුට විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...