දකුණු කොරියාවේ හදිසි ජනාධිපතිවරණය ජුනි 3වනදා

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූ එළඹෙන ජුනි 3 වන දා දකුණු කොරියාවේ 21 වන ජනාධිපතිවරණය පැවැත්වෙන බව නිවේදනය කර තිබේ.

එරට හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල් පසුගිය දෙසැම්බර් 3 වන දින යුද නීති නියෝගයක් නිකුත් කිරීමෙන් සහ පාර්ලිමේන්තු කටයුතු නතර කිරීමට උත්සාහ කිරීමේදී, හමුදා බලමුලු ගැන්වීමෙන් නිල රාජකාරිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත අධිකරණය ඔහු ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් මෙම හදිසි මැතිවරණය පැවැත්වේ.

දකුණු කොරියානු ව්‍යවස්ථාවට අනුව, හිටපු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමෙන් දින 60ක් ඇතුලත නව මැතිවරණයක් පැවැත්විය යුතු අතර මෙවර මැතිවරණයට විපක්ෂ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ලී ජේ-මියුන්ග්, කොන්සර්වේටිව් කිම් මූන්-සූ, පාලක පක්ෂ නායක හැන් ඩොං-හූන්, ඩේගු නගරාධිපති හොං ජූන්-ප්යෝ හා සෝල් නගරාධිපති ඕ සේ-හූන් තරඟ කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...