*
Wednesday, April 16, 2025
spot_img

Latest Posts

මහබැංකු බැඳුම්කර මගඩිය:මෛත්‍රීවත් ජනාධිපති පුටුවේ වාඩිකරවල අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාපු හැටි.අද පාර්ලිමේන්තුවේදී දිග ඇරෙයි!

කොළඹ LNW:මහ බැංකු බැඳුම්කර වංචාවට මාර්ගය සැකසුණු ආකාරය ගැන අද (08) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රී ජගත් විතාන මහතා විසින් ප්‍රකාශයක් සිදුකරනු ලැබීය.

මීට පෙරද ඒ ගැන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණු නමුත් ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවීම ගැනද ඔහු සිය අදහස් දැක්වීම තුළ මතු කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජානාධිපතිවරයා ලෙස පත් කර අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස ගෙන එන්නට සිරිකොත හරහා රනිල් වික්‍රමසිංහ මහතා මුදල වියදම් කළ බවයි ජගත් විතාන මහතා පැවසුවේ.

”බැඳුම්කරය ගැන මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. මම වගකීමෙන් කියනවා.අපි අර අහිංසක ග්‍රාමසේවක මහත්තයව මෛත්‍රීපාල සිරිසේන මහත්තයව බලයට ගෙනාවේ අපි. ඔහුව බලයට ගේන්න අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපට මුදල් දුන්නා. මුදල් දුන්නේ එක කොන්දේසියක් මත. සිරිකොතේ මුදල් පිරිලා තිබුණා. මම ඒක කිව්ව්වයි කියල අපේ ගරු නලින්ද ජයතිස්ස ඇමති සහෝදරයා මතුගම වේදිකාවේදී කිව්වා මෙන්න ජගත් විතාන මෙහෙම කිව්වයි කියල. අදත් මම පාර්ලිමේන්තුව ඇතුලේ මෙහෙම කියනවා ඒ සල්ලි දුන්න කොන්දේසිය තමයි අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති කරනවයි කියන කොන්දේසිය. ඒ කොන්දේසිය ඉෂ්ට කළේ නැද්ද?අපට දුන්න මුදල් ටික ඩබල් ට්‍රිබල් කරලා ගත්තා ඒ මනුස්සයා. අරගෙන අදත් නැහැ. ඇයි මාව කැඳවන්නේ නැත්තේ? ඇයි මගෙන් අහන්නේ නැත්තේ? මම ඕව දෙන්න සූදානම් වෙලා තමයි මැතිවරණයට ඉස්සෙල්ලා වේදිකාවේ මේවා කිව්වා. මාව හංවඩු ගැහුවා අපේ නලින්ද ජයතිස්ස සහෝදරයා.අපේ ඉස්කෝලේ එකට ඉගෙන ගත්ත අය මේ. සංවිධායකවරු ඔක්කොටම ඒ කාලේ මුදල් එව්වා. මම ඒක සංවිධායකවරු ඉන්න තැන කිව්වා. මේක ගත්තේ නැත්තේ කවුද කියල අත උස්සන්න කියල, කවුරුවත් අත ඉස්සුවේ නැහැ ගරු කථානායකතුමනි.ඒ නිසා මේ කියන ඒවා ඔප්පුකරන්න පුළුවන්. ඒ නිසා බැඳුම්කරය ගැන ලොකුම හොරකම් ඇයි හොයන්නේ නැත්තේ. ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ. ඇයි අපෙන් සාක්ෂි ගන්නේ නැත්තේ. සතාසිවම් සල්ලි ගෙනාවේ අපිට. මේවා වගකීමෙන් කියන දේවල්.”

ජගත් විතාන මහතා පවසන පරිදි අරමුණු සහගත ලෙසම අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස යහපාලන ආණ්ඩුව විසින් පත්කර තිබෙන අතර අනතුරුව සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතුව මඟින් රජයට රුපියල් බිලියන 10කට අධික අලාභයක් සිදුකිරීමද අරමුණු සහගත ලෙසම සිදුකළ බව පැහැදිලි ය.

ජගත් විතාන මන්ත්‍රීවරයා පවසන පරිදි රනිල් වික්‍රමසිංහ මහතා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට ගෙන ඒමේ අරමුණ වෙනුවෙන් එදා මැතිවරණ වෙනුවෙන් ඇති පදමට මුදල් වියදම් කර තිබේ.

අරමුණු සහගත ලෙසම සිදුව ඇති එම වංචාව සම්බන්ධයෙන් මේ වන විට බොහෝ කරුණු අනාවරණය වී තිබුණද තවදුරටත් ඊට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බවද සිහිතබා ගැනීම වැදගත්ය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan