සටහන – පුලී
අප්‍රේල් 07, LNW (කොළඹ): ඉකුත් අඟහරුවාදා රාත්‍රිය වන විට ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමඟ යුද්ධය අවසන් කිරීම සඳහා පිළිගත හැකි ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් ඉරානය පුරා පවතින යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රට පුරා බෝම්බ හෙලන බවට පොරොන්දු වෙමින් ට්‍රම්ප් පැවසුවේ, එක්සත් ජනපද හමුදා ඉරානය පුරා පවතින පාලම් සහ විදුලි බලාගාර මෙලෙස තම ඉලක්කයන්ට නතු කරගන්නා බවයි. ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් “අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇති” බව ඔහු අඟහරුවාදා සමාජ මාධ්‍ය වෙත පළ කළ සටහනක විය.
ගැටුම ආරම්භ වූ දා සිට සාමාන්‍ය ඉරාන වැසියන්ට අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති අතර, පාසල් සහ රෝහල්වලට ඉන් මහා පරිමාණයෙන් හානි සිදුවිය.
පසුගිය සති දෙක තුළ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර අවම වශයෙන් වානේ කම්හල් දෙකක්, පාලම් තුනක් සහ ඖෂධ කම්හලක් ඉලක්ක කර ගෙන ඇති බව ද තහවුරු වූ සාක්ෂි තුළ විය.



