Home විදෙස් ට්‍රම්ප්ගේ සටන් විරාමය බොර තෙල් මිලත් බස්සයි!

ට්‍රම්ප්ගේ සටන් විරාමය බොර තෙල් මිලත් බස්සයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමෙන් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ‍.

අද උදෑසන 5.45 වන විට වෙළෙඳපොළ දත්ත අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95.47ක් දක්වා පහළ ගොස් ඇති අතර එය ඩොලර් 17.48ක පහළ යාමක් ලෙස වාර්තා වී ඇත.

එය ප්‍රතිශතයක් ලෙස 15.48%ක පහළ යාමක් බව දැක්වෙයි.

මේ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.84ක් දක්වා පහළ ගොස් ඇති අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිලද ඩොලර් 106.51ක් ලෙස අඩුවී තිබේ.

එය පෙර මිලට සාපේක්ෂව 18.85%ක අඩුවීමකි.

ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිද පවසා තිබෙන අතර ඒ අනුව සති දෙකක කාලයක් සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වනු ඇති.

මෙම තත්ත්වය මත බොරතෙල් මිල පහළ යාම සිදුව තිබේ.