ට්‍රම්ප්ගේ සටන් විරාමය බොර තෙල් මිලත් බස්සයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමෙන් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ‍.

අද උදෑසන 5.45 වන විට වෙළෙඳපොළ දත්ත අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95.47ක් දක්වා පහළ ගොස් ඇති අතර එය ඩොලර් 17.48ක පහළ යාමක් ලෙස වාර්තා වී ඇත.

එය ප්‍රතිශතයක් ලෙස 15.48%ක පහළ යාමක් බව දැක්වෙයි.

මේ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.84ක් දක්වා පහළ ගොස් ඇති අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිලද ඩොලර් 106.51ක් ලෙස අඩුවී තිබේ.

එය පෙර මිලට සාපේක්ෂව 18.85%ක අඩුවීමකි.

ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිද පවසා තිබෙන අතර ඒ අනුව සති දෙකක කාලයක් සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වනු ඇති.

මෙම තත්ත්වය මත බොරතෙල් මිල පහළ යාම සිදුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...