සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලෝක වෙළෙඳ භාණ්ඩ මිල ගණන් අඩුවීම වෙළෙඳපොළ වෙත වේගයෙන් සම්ප්‍රේෂණය වීම සහ ශ්‍රී ලංකා රුපියල මෑතකදී ශක්තිමත් වීමත් සමග දේශීය අතවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩුවීම සහ සංඛ්‍යානමය පදනම් බලපෑම යන හේතු නිසා මෙසේ උද්ධමනය වේගවෙන් අඩුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අප්‍රේල් මස මුදල් ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ මේ බව සඳහන් වේ. දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් සමස්ත ඉල්ලුම අඩුවීම සහ වැඩිදියුණු වූ දේශීය සැපයුම් තත්ත්වයන් මෙන්ම උද්ධමන අපේක්‍ෂා පාලනය වීමද මෙසේ උද්ධමනය අඩුවීමට සහාය වනු ඇතැයි ද එම නවතම මහ බැංකු වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.