ඉදිරියේදී බිත්තර මිල අඩු කළහැකියි – සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලක්ෂ 10ක් වූ දෙවන බිත්තර තොගය අද (08) නිදහස් කිරීමට හැකි බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (08) දිනයේ ලබාදීමට නියමිතව ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය .එවන් පසුබිමක ඉදිරියේදී බිත්තර මිල අඩු කිරීමට හැකිවනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා,

“සත්ත්ව ආහාර සඳහා අය කරන වැට් එක අයින් කළොත් බිත්තරයකින් රුපියල් 6ක් අඩු කරන්න පුළුවන්. එහෙම වුණොත් බිත්තර ආනයනය කිරීම කරන්න ඕනේ නැහැ. මොකද දේශීය බිත්තර රුපියල් 06කින් අඩු වෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...