*
Friday, May 3, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/08

  1. යෝජිත ත්‍රස්ත විරෝධී පනත මඟින් ක්‍රමානුකූලව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට බලධාරීන්ට ඉඩකඩ ලබා දෙන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි – මෙම පනත බැහැර කර දමා ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා යොදා ගැනෙන ඕනෑම නීතියක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්වලට අනුකූල බව තහවුරු කරන මෙන් ඉල්ලා සිටියි.
  2. ශ්‍රී ලංකාවට සංචාරය නොකරන ලෙස තම රටවල පුරවැසියන්ට උපදෙස් දෙන රටවල් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නුටාල් පවසයි – බටහිර රටවල විරෝධතා දැක්වීම යනු ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුණක් වන අතර, ඊට එරෙහිව කිසිඳු සංචාරක උපදෙස් නිකුත් කිරීමක් සිදුනොවන බවත්, ශ්‍රී ලංකාවේ විරෝධතාවයක් සිදුවන විට සෑම දෙනෙකුම විසින් සංචාරක උපදෙස් නිකුත් කරන බවත් පෙන්වා දෙයි.
  3. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය ලබා දීමට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සූදානම් අතර, ඔවුන් එම සහයෝගය කණ්ඩායමක් ලෙස ලබාදීමට සූදානම් බව එම පක්ෂයේ පා.ම. රාජිත සේනාරත්න පවසයි – කවුරුන් විසින් කුමක් පැවසුව ද, හර්ෂ ද සිල්වා වැනි මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සහාය ලබා දීමට කැමැත්ත පළකර ඇති බව පවසයි – ජනාධිපතිවරයා සමඟ වැඩ කටයුතු කිරීමට බොහෝ මන්ත්‍රීවරුන්ගේ කැමැත්තක් ඇති මුත් ඔහු සමඟ මැතිවරණයකට තරඟ වැදීමට අදිමදි කරමින් සිටින බව ද පවසයි.
  4. මැතිවරණ ක්‍රමයට ජාතික සීමානීර්ණ කමිටුව විසින් යෝජනා කර ඇති ප්‍රතිසංස්කරණ හරහා වර්ගය, ආගම සහ කුලය ආදී කරුණු මත සමාජය තුළ තවදුරටත් බෙදීම් ඇතිවනු ඇති බවට සමඟි ජන බලවේගයේ පා.ම. එස්.එම්. මරික්කාර් අනතුරු අඟවයි.
  5. මහ බැංකු පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරය ප්‍රශ්න සහගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට පසුව ස්වාධීන වූ පා.ම. ගෙවිඳු කුමාරතුංග පවසයි – මෙම චෝදනාව කතානායකවරයා ප්‍රතික්ෂේප කරයි.
  6. නීති විද්‍යාලය තුළ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග ඉංග්‍රීසි බසින් පමණක් පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තුව විසින් ගනු ලැබූ තීරණය නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් නොසලකා හරිමින් සිටින බැවින් ඔහු පාර්ලිමේන්තුවට කැඳවන මෙන් දයාසිරි ජයසේකර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ වාසුදේව නානායක්කාර වැනි මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් ඉල්ලා සිටිති.
  7. 2022 වසර තුළ පුද්ගලයන් 320,000 ක් විදෙස් රැකියා සඳහා සංක්‍රමණය කර ඇති අතර, මෙය වසරක් තුළ රට හැර දමා ගිය ඉහළම පුද්ගලයන් සංඛ්‍යාව වේ – 2020 සහ 2021 වසරවල කොවිඩ් සීමා නිසා විදෙස් රැකියා සඳහා සංක්‍රමණය කළ පිරිස සහ සේවක ප්‍රේෂණ විශාල වශයෙන් පහත වැටිණි.
  8. පැය 11 කට අධික ගලවා ගැනීමේ මෙහෙයුමකින් අනතුරුව මෝල්ටා වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ මඟී තදබදයෙන් යුක්ත යාත්‍රාවක සිරවී සිටි සංක්‍රමණිකයන් 440 දෙනෙකු ගලවා ගැනීමට තමා සමත් වූ බව ඩොක්ටර්ස් විත්අවුට් බෝර්ඩර්ස් (MSF) සංවිධානය පවසයි – මෙම සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ද සිට ඇත.
  9. ඉන්දියානු ණය පහසුකම යටතේ මිලදී ගනු ලැබූ ඖෂධවල තත්ත්වය, සුරක්ෂිතබව සහ ගුණාත්මකභාවය පිළිබඳව බරපතල සැකයක් මතුව ඇති බවට චෝදනා කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙයි – මෙම පෙත්සම, පෞද්ගලික ඉන්දියානු සමාගම් දෙකක් විසින් මිලදී ගනු ලැබූ ඖෂධ සැපයුම්වලට අදාළය.
  10. රාජපක්ෂවරුන් බලයෙන් පහ කිරීම තුන්වන පාර්ශවයක කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. නාමල් රාජපක්ෂ පවසයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මෙම චෝදනාවට සහාය දී තිබේ – මෙම කුමන්ත්‍රණකරුවන් කවුරුන්ද යන්න ඉදිරියේදී හෙළි කරන බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan