එළඹෙන උත්සව සමයේ පදික වෙළෙඳුන්ගේ ගැටලු විසඳීමට පියවර

Date:

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණ කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ දී පසුගියදා (06) කොළොම්තොට එක්සත් වෙළඳ සංගමය ඇතුළු පදික වෙළෙඳ සංගම් නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී ය.

එහිදී පදික වෙළෙඳුන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ සාගල රත්නායක මහතා ඔවුන්ගේ ගැටලුවලට සවන්දෙමින් පදික ජනතාවට අපහසුවක් නොවන අයුරින් ඒවා විසඳාදීමට එකඟ විය.

එසේම පදික වෙළෙඳුන්ගේ ගැටළු පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවත් ඒවාට නිසි විසඳුම් ලබාදීමට කමිටුවක් පත්කරන බවත් සාගල රත්නායක මහතා එහිදී පැවසීය.

සාගල රත්නායක මහතා, පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරමින් පදික වෙළෙඳුන් ඉදිරිපත් කළ ඇතැම් ගැටලුවලට ඒ අවස්ථාවේදී ම විසඳුම් ලබා දීමට ද පියවර ගත්තේය.

පදික වෙළෙඳුන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් පදික වෙළෙඳුන් සදහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු විය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, පදික වෙළෙඳ සංගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...

LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය...