අයහපත් කාලගුණ නිසා ගුවන් ගමන් ඇනහිටී.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අවට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක ප්‍රමාදයක් සිදුවී තිබේ.

ඊයේ (07) රාත්‍රියේ 6.25ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ. එල්. 225 දරන යානය පැය 15ක පමණ ප්‍රමාදයකින් පසු පෙරවරු 9.15ට පමණ පිටත්ව ගොස් ඇති අතර , ජපානයේ නරීටා බලා ඊයේ රාත්‍රියේ 7.15ට පමණ පිටත්ව යාමට තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ. එල්. 454 දරන යානය පිටත්ව ගොස් ඇත්තේ අද අලුයම 1.50ට පමණය.

එමෙන්ම කටුනායක ගුවන් තොටුපොළ හරහා ඉන්දියාවේ මුම්බායි බලා ඊයේ රාත්‍රියේ 11.40 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 141 ගුවන් ගමන අවලංගු කර ඇති අතර අද අලුයම 05.35 ට මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන ද අවලංගු කර ඇති අතර චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ රාත්‍රියේ 07.00 ගොඩ බැස්සවීමට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 යානය, කටුනායක ගුවන්තොටුපොළ අවට තිබූ අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මාලදිවයිනේ මාලේ ගුවන්තොටුපොළ වෙත යොමු කර ඇත.

කුවේට් හි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ සවස 06.10 ට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානය ප්‍රමාදවී, අද අලුයම 07.33 ට මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා ඇතැයි ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...