බට්ටි එංගලන්තයට තමන් ලොක්කියෙක් බව පෙන්වයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 09, කොළඹ (LNW): ශ්‍රී ලංකාව,එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සහභාගි වන අවුරුදු 19 න් පහළ කාන්තා තුන් කොන් තරගාවලිය මේ මොහොතේ ක්‍රීඩා හිතෛෂීන්ට මෙන්ම සාමාන්‍ය ජනතාව අතර ද ජනප්‍රිය වීමට ප්‍රධාන වශයෙන් බල පෑ චරිතය වන්නේ චමුදි ප්‍රබෝධා ය.බට්ටි යන අනවර්ථ නාමයෙන් කණ්ඩායම් සඟයින්ගේ ආදරය දිවා සිටින,තවමත් 14 හැවිරිදි ඇය වයස නිසාම මෙන්ම,රටේ සම්පත් බෙදී යාමේ විෂමතාවය අනුව ඉතා අවම පහසුකම් සහිත දිළිඳු දිස්ත්‍රික්කයක් ලෙස හඳුනාගෙන ඇති සහ එම දිස්ත්‍රික්කයේ ද දුෂ්කර පාසලක් වන කුඹුක්කන පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ වීම චමුදිට සමාජ ආකර්ශණය වැඩි වෙන්නට හේතුව වූවාය.
මේ ක්‍රිකට්මය නොවන සුවිශේෂතා නිසා අවධානය යොමු කර ගත් චමුදි ක්‍රීඩා පිටියේ දී ද දක්ෂතා දක්වමින් ඒ කැමත්ත,ආදරය සහ සමහර විට තිබුණ අනුකම්පාව තරගාවලිය නිමාව දකින විට වීර සංඛේතයක් බවට පෙරළා ගත්තාය.එහි උච්චතම අවස්ථාවට එළැඹෙමින් චමුදි එංගලන්තය සමඟ එක්දින තරගය ශ්‍රී ලංකානට ලකුණු 108 න් ජය ගන්නට මූලික වූ පන්දු යවන්නියන් දෙදෙනාගෙන් එකියක වූවාය.


චමුදි ලකුණු 227 ක් ලබා ගැනීමට පිටියට පැමිණි එංගලන්ත ක්‍රීඩිකාවන් අසරණ කරමින් ඔවුන්ගේ ලකුණු පූවරුව 118 රැඳවීමට පියවර ගත්තාය.ලකුණු 42 ට චමුදි බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 5 ක් විය.චමුදිට අනගි සහයක් දෙමින් චමුදිගේ අවසන් ඕවරයේ ලබා ගන්නා කඩුලු දෙක ලබා ගන්නා තෙක්ම තරගයේ වැඩිම කඩුලුලාභිණියව උන් දෙව්මි විහංගා ලකුණු 43 ට කඩුලු 4 ක් දවා ගත්තාය.


එංගලන්ත ලකුණු පූවරුවෙන් ලකුණු 26 ක් සටහන් වූයේ එංගලන්ත නායිකා ජූඩි ග්‍රේව්කොක් නමට ය.ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති අමුර්තා සුරෙන්කුමාර් ලකුණු 25 ක් ලැබූ අතර අන් සියලු දෙනා චමුදි ප්‍රබෝධා සහ දෙව්මි විහංගා ඉදිරියේ අන්තයටම අසරණ විණි.


තරගවේ කාසියේ වාසිය අත් කර ගත් ශ්‍රී ලංකා නායිකා මනුදි නානායක්කාර කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කරමින් තණතීරුවේ ලකුණු 230 ක් ලබා ගැනීම සිය සැළසුම බව කීවාය.ශ්‍රී ලංකා ඉණිම මනුදි කී ලෙසම ඒ ආසන්නයටම පැමිණෙමින් ලකුණු 226 ක් ලබා ගැනීමට සමත් විය.ඒ අතරට ඉතා මැනවින් සහ ආක්‍රමණික ස්වරූපයෙන් ලකුණු 59 ක් ගබා ගත් රශ්මිකා සෙව්වන්දි කැපී පෙණුනාය.


සෙව්වන්දි පීඩනය යටතේ එංගලන්ත කණ්ඩායමට ප්‍රති පීඩනයක් නිර්මාණය කරමින් විශිෂ්ඨ ඉණිමක් ක්‍රියාත්මක කළ අතර තරගයේ ආරම්භක කඩුල්ලට ලකුණු 63 ක සබඳතාවයක් පැවත් වූ සංජනා කාවින්දි ලකුණු 29 න් සහ සුමුුදු නිසංසලා ලකුණු 29 ක් ලබා ගනිමින් කැඵී පෙණින.දෙව්මි විහංගා සහ මනුදි නානායක්කාර ද ලකුණු 25 බැඟීන් ලබා ගත්හ.සොෆියා ස්මේල් සහ අමුර්තා සුරෙන්කුමාර් වැඩිම කඩුලුලාභිණියෝ වූහ.ඔවුන් දෙදෙනා කඩුලු 2 බැඟින් ලබා ත්තේ පිළිවෙලින් ලකුණු 34 සහ 21 ක් ලබා දෙමින්ය.


ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින් මනුදි නානායක්කාර අත්හදා බැලීම්වලට බය නැති අභියෝග භාර ගන්නා නායිකාවක් බව ඔප්පු කළාය.මෙම සටහනට පාදක වන තරගයේදී ද දෙව්මි සහ චමුදි දෙදෙනාව එක දිගට පන්දු ඕවර් 10 බැඟීන් යොදා ගනිමින් ඔවුන් දෙදෙනා හරහා එංගලන්ත කණ්ඩායම සහමුලින්ම දවා ගැනීමට මනුදි නිර්භයව ඉදිරිපත් වුණාය.එසේම කඩුලු රකින්නිය ලෙස සුමුදු නිසංසලා ට තරගය කියවා ගැනීමට ඇති හැකියාව වැදගත්ය.බොහෝ වැටලීම්වලදී කණ්ඩායම් නායිකාවට ඇය සහයිකාව ලෙස ඔත්තු සැපයුවාය.


එසේම දෙව්මි විහංගා මේ තරගාවලියට පිවිසෙන විට අවුරුදු 19 න් පහළ කණ්ඩායම සතු ප්‍රබලතම ප්‍රහාරිකාව මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස විශ්වාසය දිනා උන්නාය.එහෙත් මේ තරගාවලියේ දී දෙවිම්ට සාර්ථක වන්නට නොහැකි වූවාය.ඇතැම් විට ඇයගේ සිරුරේ යම් බරපතල පෙණුමක් තිබීම නිසා පන්දුව කරා පාද රැඟෙන යාමේ හැකියාව සම්බන්ධයෙන් ගැටළු තිබෙනවා විය හැකි බව නරඹන විට දැණුන දෙයක්ය.ඇය රට වෙනුවෙන් රැක ගැකීම අතිශයින් වැදගත්ය.අඩු ලුහුඩුකම් තිබුණ ද ඇය මේ තරගයේ දී ද තුන් ඉරියව්වෙන් දැක් වූ දස්කම් ඇසුරෙන් තරගයේ වීරවරිය ලෙස නිල වශයෙන් නම් ලද්දිය වූවාය.ඒත් ඒ වීරකම දෙව්මිගේ සම්පූර්ණ හැකියාව නොවන බව අපේ විශ්වාසය වන්නේය.
විශේෂයෙන් පළමු තරගයේ දී ඕස්ට්‍රේලියාවට පරාජය වීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් ප්‍රදර්ශනය වූයේ විස්සයි විස්ස සංස්කෘතියේ සිටි එක්දින තරග රටාවට පිවිසීමේදී දැක් වූ දුලබතාවයක්ය.එහෙත් ගෙවුණු දින කිහිපය විවේකයට වඩා ගෙදර වැඩ හමාර කරන්නට වැය කර තිබෙන බව පෙන් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය ලකුණු 108 න් ජය ගනිමින් සමස්ත තරගයේ සියලු ගෞරවය අත් කර ගත්හ.


තරගය පුරාවට වෘත්තිමය වශයෙන් ක්‍රිකට් කෙරෙහි ඇති නැඹුරුවීම වර්ධනය කර ගැනිමේ හැකියාව ලංකාවේ හෙට දවස භාර මේ ක්‍රීඩිකාවන් පැහැදිළිව සනාත කරනු දකින්නට ලැබිණ.විශේෂයෙන් ආරම්භක කඩුල්ලට ලකුණු 63 ක් එකතු කළ ද,කඩුලු 3 ක් ශ්‍රී ලංකාවට අහිමි වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව තිබුණේ ලකුණු 64 ය.එහෙත් ඉනික්බිති යළිත් සිව්වන කඩුල්ලට මනුදි සහ දෙවිමි විසින් ලකුණු 54 ක් ද,හයවන කඩුල්ලට රශ්මිකා සහ රශ්මි නේත්‍රාංජලි අතර ලකුණු 40 ක් ද,7 වන කඩුල්ලට රශ්මිකා යළිත් රිශ්මි සංජනා සමඟ එක්වෙමින් ලකුණු 38 ක් ද ලෙස පැවත් වූ සබඳතා පැහැදිළි කළේ පෙර තරගයේ අඩු පාඩු මඟ හරවා ගැනීමට කණ්ඩායමක් වශයෙන් ගෙන තිබුණු වෙහෙසය.ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලය මෙන්ම කණ්ඩායම් කළමණාකාරීත්වට අදාළ සියල්ලෝ ද එම ගෞරවයේ හිමිකාරීහූ වෙති.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය.


https://srilankacricket.lk/under-19/?type=scorecard&mId=786&cId=46&dId=1&sId=12

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගත්තා අපිට එය කළ හැකියි : ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : මෙරට සමස්ත ආර්ථිකය සහ...

ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා...

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...