*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අරගලය…

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ පැවත්ම බොහෝ විට රඳවාගෙන තිබෙන්නේ ත්‍රිවිධ හමුදාවන් මතය.ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් සෙබළුය.නමුත් ඔව්හූ අවි අත දරා සටන් බිමට නොයති.ඔවුන්ට කරන්නට ඇත්තේ හමුදාවේ කිර්තිනාමය වෙනුවෙන් ස්වීය ක්‍රීඩා හැකියාවන් ප්‍රදර්ශනය කිරීමය,ජයග්‍රහණ ගෙන දීමය.

එහෙත් රට තීරණාත්මක අරගලකාරී මොහොතකට මුහුණ දී තිබියදී පුරවැසියාට දැනෙන සියලු දේ ඔවුන්ට ද අදාළය.ඔවුන්ගේ පවුල්ද,ඔවුන් ද තෙල් පෝලිම්වල ය.ගෑස් පෝලිම්වලය.කිරි පිටි පෝලිම්වලය.රෝගාබාධ වලින් පෙළෙන පිරිස් ඖෂධ හිඟයෙන් ජීවිතය අහිමි වීමේ මුවවිටට පැමිණ ඇත.ඖෂධවල ගැටළුවෙන් මෙන්ම ඉන්ධනවල අර්බූදයෙන්ද රෝගී ජීවිත අහිමිව යා හැකිය.නුවරඑළිය ප්‍රදේශයේ අයෙකුගේ ජීවිතය තොර වී ඇත්තේ අසනීප වී රෝහලට රැඟෙන යමින් සිටියදී ඉන්ධන ඉවර වීමෙන් රථය නතර වීම නිසාය.

මේ තත්ත්වය මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අරගලයේ හවුල් කරුවන් වීමට ඇති උවමනාව හමුදාවේ සාමාජිකත්වය විසින් වළකා ඇත.සෙබළුන්ට මේ අරගලයේ පාර්ශවකරුවන් සේ පෙනී සිටින්නට නොහැකි නිසා ඔවුන් හදවතින් අරගලය තුළ හිඳීමින් ගතින් දුරස්වීමේ වේදනාවට මුහුණ දෙමින් ඇත.
ආණ්ඩුව ක්‍රීඩාව ගැන බැලුවේද නැත.ක්‍රීඩා භාණ්ඩ ගිණි ගණන්ය.රටට ගෙන්වීම ද නැවතී ඇත.ධාවන පාවහන් ගෙන්වීම නැවතුණු රටේ ඔලිම්පික් තරගාවලියට ගිය ක්‍රීඩිකාව ධාවන පාවහන් යුගලයක් ගැන හොයා බැලීම ක්‍රීඩා අමාත්‍යවරයා වාර්තා කළේ ධාවන පාවහන් ගෙදර තබා ගියා කියාය.ඇයගේ මුළු අනාගතයටම කළු පැල්ලමක් එක් කරමින් හැන්සාඩ් ගත කරන ලද එම වචන එසේ වී නොමැති බව දැන ගැනිමෙන් පසුව සමාව ඉල්ලා නැවත පාර්ලිමේන්තුවට වාර්තා කළේ ද නැත.ඒ රාජපක්ෂවරයෙක්ගේ රුධිරයමය අනන්‍යතාවය.ඔව්හූ සමාව ඉල්ලන්න නොයති.රටම ඔවුන් අතින් මොන වරද වුව ද දරාගෙන,පිළිගෙන,ඉවසා සිටිය යුතුය.

නමුත් මේ වන විට ක්‍රීඩා කේෂ්ත්‍රය හරහා දැනෙන පීඩාව සහ රටේ පුරවැසියෙක් ලෙස විඳින පිඩාව ගැන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුකරුවන්ට සහ ක්‍රීඩාවට විවිධ අයුරෙන් සම්බන්ධ පිරිස්වලට තදින් දැනෙමින් තිබිය යුතුය.එසේ නැතිව ක්‍රීඩාව නිසාම හදාගත් සම්බන්ධතා නිසා ඉන්ධන,ගෑස් වැනි අත්‍යවශ්‍යය භාණ්ඩ මිලට ගැනීමේ දී තවම අපහසුවක් ඔබට නොදැනි තිබෙන්නට ද පුළුවන්ය.ඔබ අත විශාල මුදලක් තිබුණත් මේ වන විට සියයට විස්සක් වන උද්ධමනය හේතුවෙන් තව දුරටත් අත ඇති මුදලට වටිනාකමක් නැති වන්නට ඇති ඉඩ බොහෝමය.සල්ලිවලින් මිලදී ගන්නට කිසිවක් නැතුව මුදලට අගයක් නැතුව සල්ලි කඳු පිටින් විසි කරන පුළුස්සා දමන සිම්බාබ්වේ වැනි රටවල් ගැන ඇතැම් විට ක්‍රීඩාවටම යොමුවන ඔබට අධ්‍යයනයක් නොතිබෙන්නටද පුළුවන්ය.

නමුත් දැන් රටේ සිඳුවෙමින් තිබෙන්නෙ එයය.ඩොලර් හිඟය මට්ටමට අධික ලෙස මුදල් මුද්‍රණය විම ද නිසා ඉදිරියේදි මේ රටේ ඩොලර් වංචා කළ බව කියන රාජපක්ෂවරුනට සහ ඔවුන්ගේ නෑ- ගජ මිතුරු සමූහයට පමණක් මෙයින් පිටව ගොස් හෝ ජීවත්වෙන්නට අවස්ථාව හිමිවෙනවා හැරෙන්නට,අද අරගලයෙන් බැහැරව,තමන්ගේ සම්ප්‍රදායික දේශපාලනය හෝ පවුලේ දේශපාලනය රැක ගැනීමේ පරවේණී ගති ලක්ෂණවලින් රාජපක්ෂලාම හදවතේ ගුලි කරගෙන සිටින අය ඉදිරියේ ඇති අවධානම සුළු නැත.එය රටටම පොදු අවධානමකි.කුමන හෝ රටකින් ලබා දෙන සළාකයකින් පෝලීමේ සිට යැපෙන්නට සිඳුවන ජාතියක් වීමට අපට ඉදිරියේ ඇති ඉඩ සුළු නැත.
මේ රටේ ජනතාව ඉදිරියේ මැවූ ආගම් බේදය,ජාති බේදය,වඳ කුමන්ත්‍රණ,ඟඟ දෙබෑ කර මතු වූ නයි,එන්ජීඕ රකුසා වැනි මාතෘකාවලින් මිත්‍යාවේ අන්ධකාරයට ඇඳ දැමූ මිනිස්සු අද සත්‍යය අවබෝධ කරගෙන ඇත.එහෙත් ගොඩ එන්නට දැන් පහසු නැත.ඔවුන් අන්ධකාරය පතුළටම වැටි ඇත.ක්‍රීඩාව තිබෙන්නේ ද ඒ පතුළේමය.අතිරේක ආහාර නොව තුන්වේල ද නැතුව රාජ්‍ය නොවන සංවිධාන විසින් පැමිණ මේ රට තුළ ආධාර දෙන සළාක පෝලිමක ඉඩක් අල්ලා ගන්නට ක්‍රීඩකයන්ට සිට අපූර්ව කාය ශක්තිය යොදවන්න විය හැකි තත්ත්වයකට මේ රට පත්වෙමින් ඇත.අරගලය කාට හෝ එරෙහිව නොව.ඉවත් කරන්නට උවමනා වී තිබෙන්නේ ඔබව උපන්බිම තුළ හිඟන්නෙක් කරමින්,ඔබේ සිහින කීතු කර දමන ක්‍රියාවලිය මෙහෙයවන පුද්ගලයන්ය.එයට ගෝටාබය එකතු වෙන්නේ සහ ආණ්ඩුව එකතු වෙන්නේ ඒ ක්‍රියාවලිය ඔවුන්ගේ නිසාය.ඔවුන් සමඟ තරහක් වෛරයක් වෙනුවට අරගලය තුළ ඇත්තේ මේ කඩා වැටෙන රට ගැන සහ එහි ජීවත්වෙන මිනිසුන් ගැන නොසන්සිඳුන ආදරයක්ය.

එය සමහර විට ගැඹුරින් ලෝක ඉතිහාසය හා සසඳා කියා ගන්නට ඔබ සමඟ එකම හමුදා රෙජිමේන්තුවේ වැඩ කරන ආයුධ සන්නද්ධ සෙබළාට අපහසු විය හැකිය.ඔබ හදවතින් මේ අරගලය තුළ සිටින අයුරෙන්ම ඔබේ සෙබළ මිත්‍රයාටද මේ ගැන කියා දෙන්නට හැකියාව ඇත.අරගල කරන්නට පාරටම එන්න බැරිකම තිබුණාට ආයුධ අතට ගත් සෙබළ මිත්‍රයාට අවි දරාගෙන අව්වේ වැස්සේ සිටගෙන සිටින විට ඇති වෙන ආවේගය,කෝපය පාලනය කරගෙන අරගලය ඇතුළෙ තිබෙන ප්‍රේමය ඔවුන්ට හැඟෙනවා ඇත.දැනෙනවා ඇත.

ඒ නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමුදා රැහැනින් බැද අරගලයෙන් භෞතිකව ඈත් කර තැබීම ගැන එම බැදීම් නැති අරගලයට පන දෙන සියලු ක්‍රිඩක ක්‍රීඩිකාවෝ දනිති.ඒ ගැන කම්පාවක්ද,තරහක් ද නැත.එහෙත් ඔබගේ හදවතේ ඇති උවමනාව ක්‍රියා පදයක් කර ගන්නට නොහැකි විමේ වේදනාව ඔබේ සමීපතම සෙබළ මිතුරාට අරගලයේ ඇති ආදරණිය පදනම සහ අරගලයේ සිටින කෙනාටද,සෙබළාටද පොදු අනාගත අනතුර කියා දීමෙන් සමනය කර ගන්නට හැකිය.

මේ දක්වා වූ දේශපාලන ඉතිහාසයේ පුද්ගල වෙනස්කම් වෙනුවට ක්‍රම වෙනසකට සහ ක්‍රමයකට නායකත්වය දෙන පාලනයක් අරගලය අවසානයේ ලැබෙනු ඇත.ඒ සොඳුරු සිහිනය වෙනුවෙන් මේ රටේ මිනිසුන් සමහර විට සිය ජීවිතද දන් දෙනු ඇත.ඒ රටේ සියල්ලන්ගේ යහපත උදෙසාය.ඒ සියල්ල අතර ක්‍රීඩකයා සහ ක්‍රීඩාවද ඇත.ඔබ දකින අරගල බිමට ආදරයෙන් යන වාහනයේ නලාව ඔබාගෙන යන්න.ඒ දිරිය ඔබටමය.රටටමය.අරගලයේ හදවතින් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආශිර්වාද කතා බොහෝ සේ මේ දිනවල අපේ කන් ඇතුළෙ මොළ ඇතුළේ දෝංකාර දෙමින් ඇත.ක්‍රීඩකයන්ගේ ඒ අරගල භූමිකාව හරි ප්‍රේමණිය බව ද අරගලය දන්නෙමු.ඔබ යදමින් මිදි දුවන පනින ක්‍රීඩාවේ අපූර්ව ජවය රටට මීට වඩා නිදහසේ සහ අර්ථාන්විතව වැය කරන දවසකදී හමුවෙන්න අරගලය ප්‍රාර්ථනා කරන්නෙමු.මේ අරගලය ක්‍රීඩාවටත් එක්කමය.ඒ නිසා ඔබ හදවතින් දෙන ආශිර්වාදයේ ප්‍රතිපලය දවසක ඔබටම ලැබෙනු ඇත.

මේ වෛද්‍ය සිසුවිය අරගලය තුළ කියා දුන් අරගලයේ ආදරයේ පළල්බව බොහෝ විට ඔබට ඔබේ මිතුරාට අරගලය කා වෙනුවෙන්ද කියා දෙන්නට පාර තනනු ඇත.ඒ මලේ ඇත්තේ රෝසමල් සුවඳ නොවේය.අරගල බිමක වැටෙන ලේ,දහදියවල පරම පවිත්‍ර සුවඳය.ඒ සුවඳ ඔබ ක්‍රීඩා කරන මඟ දිඟට දැනෙන දවසක් ගැන අපි හින දකිමු.!

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan