සිලෝන් ටී කොලිටිය බැහැලා – විදෙස් ඇනවුම් රැසක් ඉන්දියාව ඩැහැ ගනී !

Date:

පවතින ආර්ථික අර්බුදය, විදුලි අර්බුදය ඇතුළු හේතු කිහිපයක් නිසා ආනයන කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මෙම තත්වය මත රටට හිමිවන සීමිත ඩොලර් ප්‍රමාණයද අහිමි වුවහොත් ඒ හරහා ආර්ථික අර්බුදය තවත් පියවර කිහිපයකින් උග්‍ර වනු ඇති බවයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

මෙරට තේ සඳහා ජාත්‍යන්තර වෙළඳපොල තුළ ඉහළම ඉල්ලුමක් හා වටිනාකමක් හිමිවන අතර ‘සිලෝන් ටී’ සඳහා ලොවපුරා විශාල කීර්තිනාමයක් හිමිව තිබේ. කෙසේ නමුත් එම කීර්තිනාමය මේ වනවිට පළුදු වී ඇති අතර මෙරට තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සැළකිය යුතු මට්ටමකින් පහත බැස තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ දෛනිකව සිදුවන විදුලි කප්පාදුවයි. විදුලි කප්පාදුව හේතුවෙන් නිසා ප්‍රමිතියෙන් යුක්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොලට නිකුත් කිරීමේ අර්බුදයකට නිෂ්පාදකයන් මුහුණ දී සිටිනවා.

තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය පහත වැටීම හේතුවෙන් ජාත්‍යන්තර ඉල්ලුම අඩු වී ඇති අතර විදෙස් ගැණුම්කරුවන් සිලෝන් ටී ප්‍රතික්ෂේප කර ඉන්දීය තේ මිලදී ගැනීමට පෙළඹී සිටී. මෙරටට ලැබිය යුතුව තිබූ තේ ඇනවුම් රැසක් දැනටමත් ඉන්දියාව වෙත ඇදී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව නිමි ඇඳුම් ඇනවුම් රැසක්ද ශ්‍රී ලංකාවට අහිමි වී ඇති බව අනාවරණය වේ. නිමි ඇඳුම් සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් සහ ආනයන කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන් විදෙස් ඉල්ලුමට සරිලන පැපයුමක් සිදු කිරීම අපහසු වී තිබේ.

මෙම තත්වය මත නිමි ඇඳුම් සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවට හිමි වූ ඇනවුම් බංග්ලාදේශය ඇතුළු කලාපයේ සෙසු රටවල් වෙත ඇදී යාමේ අවදානමක් මතුව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...