ග්‍රාම නිලධාරී වසම් 14022 ක මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

දැනට ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සංකල්පය, කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ක්‍රමවේද යවත්කාලීන කරමින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා මෙසේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

මෙහිදී ග්‍රාම නිලධාරි වසම් 14,022 ක් ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවා ඒ සඳහා පොලිස් නිලධරයන් අනුයුක්ත කරනු ලැබේ.

මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ මූලික අරමුණ වනුයේ ජාතික තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ශාත් කර ගැනීම සඳහා මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම තුළින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට දායකත්වය ලබා ගැනීම, ගැටුම් නිරාකරණය හා අපරාධ වැලැක්වීම, තරුණ ප්‍රජාවේ ආත්මාභිමානය සුරක්ෂිත කිරීම තුළින් ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා දායකත්වය ලබා ගැනීම, ආගමික සමඟිය තහවුරු කිරීම, ස්වාභාවික සම්පත් තිරසර ලෙස පරිහරණය කිරීම, උපද්‍රව හා ව්‍යසන කළමනාකරණය කිරීම , ප්‍රජා සංවර්ධනය කිරීමට දායක වීම, මහජන කේන්ද්‍රීය පොලිස් සේවාවක් නිර්මාණය කිරීම, විනයගරුක හා නීතිගරුක පුරවැසියෙකු නිර්මාණය කිරීමට දායක වීම, පුරවැසියා ආධ්‍යාත්මික හා ආකල්පමය වශයෙන් සංවර්ධනය කර සමාජයේ යහපැවැත්ම තහවුරු කිරීම හා කාලීන සමාජ සංවර්ධන අවශ්‍යාතා හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට දායක වීමයි.

මෙම කමිටුවේ ප්‍රධාන කාර්ය භාර්ය වනුයේ ඉහත සඳහන් ප්‍රධාන අරමුණු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීම බව එම නිවේදනයේ සඳහන් වේ.

කමිටුව අවම වශයෙන් මසකට වරක් රැස්වන අතර එහිදි, ඉහත සඳහන් මූලික අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් සකස් කර ගැනීමත් වගකීම් පැවරීමත් කමිටුවේ වගකීමක් වේ.

මෙම කමිටුව සඳහා සේවයේ නියුතු විශ්‍රාමික රාජ්‍යය නිලධරයන්, විශ්‍රාමික පොලිස් නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පොලිස් වසමේ පිහිටුවා ඇති සමිති සමාගම් වල නියෝජිතයින්, යෞවන හා ක්‍රීඩා සමාජ සාමාජිකයින් තෝරාගනු ලබන අතර ඔවුන් පසුබිම් පරීක්ෂණයකට යටත් කරනු ලබයි. මෙම කමිටුවේ සාමාජිකයින්ගේ ධූර කාලය වසර 03 කි. කමිටුව පිහිටුවීම සඳහා අදාළ පොලිස් වසමට අයත් ප්‍රාදේශීය ලේකම් හා ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිගේ මඟ පෙන්වීම හා දායකත්වය මෙන්ම සුදුසු ආගමික නායකයින්ගේ අනුශාසකත්වයත් ලබා ගනු ලබයි.

සෑම පොලිස් වසමකටම අයත් ග්‍රාම නිලධාරී වසම් භාරව පොලිස් නිලධාරියෙකු පත් කරන අතර මෙම මහජන ආරක්ෂක කමිටුවේ කැඳවුම්කරු ලෙස එම පොලිස් නිලධාරියා කටයුතු කරනු ලබයි.

පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සෑම මසකම තම වසමට අයත් මහජන ආරක්ෂක කමිටු වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාලෝචන රැස්වීමක් පැවැත්විය යුතු අතර දිස්ත්‍රික්කය භාර සහකාර පොලිස් අධිකාරිවරයා මාස 02 කට වරක් සමාලෝචන රැස්වීමක් පවත්වනු ලබයි.

කොට්ඨාස භාර නිලධාරින් විසින් මෙම කමිටුවේ පිහිටුවීම ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අහඹු ලෙස පරීක්ෂාවට ලක් කරන අතර කාර්ය සාධනය වැඩි කරවීම සඳහා උපාය මාර්ග සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් කමිටු වල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම තුලින් අපරාධ කළමනාකරණය, මහජන විශ්වාසය ගොඩනැගී ඇතිද යන්න විශ්ලේෂණය කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...