2024 ප්‍රාථමික අයවැය ශේෂය සහ වත්මන් පොලී අනුපාතික මත පීඩනය

Date:

මහ බැංකුවේ නිල දත්ත අනුව, පසුගිය (2024) වසර අවසන් වන විට ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 649.6 දක්වා අඩු වී තිබෙනවා. සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.9ක්ව පැවති අතර නොවැම්බර් මාසය අවසානයේදී රුපියල් බිලියන 927.9ක්ව පැවතුනා. මේ අනුව පෙනී යන්නේ වසරේ අවසන් මාසය තුළ ප්‍රාථමික අයවැය ශේෂය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි.

පළමු මාස නවයේ තත්ත්වය
ආදායම – රුපියල් බිලියන 2927.8
වියදම (ණය හා පොලී ගෙවීම් හැර) – රුපියල් බිලියන 2142.9
අතිරික්තය – රුපියල් බිලියන 784.9

අවසන් මාස තුනේ තත්ත්වය
ආදායම – රුපියල් බිලියන 1163.0
වියදම (ණය හා පොලී ගෙවීම් හැර) – රුපියල් බිලියන 1298.3
හිඟය – රුපියල් බිලියන 135.3

මාස දොළහේම තත්ත්වය
ආදායම – රුපියල් බිලියන 4090.8
වියදම (ණය හා පොලී ගෙවීම් හැර) – රුපියල් බිලියන 3441.2
අතිරික්තය – රුපියල් බිලියන 649.6

පොලී ගෙවීම්ද ඇතුළුව වසරේ මුළු රාජ්‍ය වියදම රුපියල් බිලියන 6130.7ක් වන අතර, ඒ අනුව 2024 සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 2,029.9ක්. එයින් රුපියල් බිලියන 333.2ක් විදේශ ණය වලින් පියවා ඇති අතර ඉතිරි කොටස දේශීය ණය වලින් පියවා තිබෙනවා.

පසුගිය සති කිහිපය ඇතුළත නැවතත් දේශීය ණය ලබා ගැනීම අසීරු වී ඇති ආකාරය දැකිය හැකියි. මාර්තු 19 දින පැවති වෙන්දේසියේදී, පෙර මාස හයක පමණ කාලය තුළදී මෙන්ම, වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 143ක බිල්පත් ප්‍රමාණය විකුණා ගත හැකි වුවත්, ඉන් පසුව එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. මාර්තු 26 දින රුපියල් බිලියන 100ක බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළත්, පෙර සතියේ පැවති පොලී අනුපාතික යටතේ විකිණිය හැකි වූයේ රුපියල් බිලියන 73.4ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. ඉන් පසුව, අප්‍රේල් 2 දින පැවති වෙන්දේසියට රුපියල් බිලියන 140ක් ඉදිරිපත් කර පොලී අනුපාතික සුළු වශයෙන් ඉහළ යාමට ඉඩ දීමෙන් පසුවද විකිණිය හැකිව තිබෙන්නේ රුපියල් බිලියන 78.0ක බිල්පත් ප්‍රමාණයක් පමණයි.

පසුගිය වසර තුළ රාජ්‍ය ආදායමට සාපේක්ෂව වියදම් දැඩි ලෙස සීමා කරමින් සහ අවශ්‍ය ප්‍රමාණයට වඩා ණය ලබා ගනිමින් මුදල් සංචිතයක් හදා ගැනීමට රජය සමත් වුනා. මේ වෙද්දී එම සංචිතය අවසන් වී හෝ අවසන් වෙමින් තිබෙනවා විය හැකියි. අද (අප්‍රේල් 9) වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙන්නේ රුපියල් බිලියන 80ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. එම වෙන්දේසියේ ප්‍රතිඵල දෙස විමසිල්ලෙන් බලා සිටිය යුතුයි.

පසුගිය දෙසතියේ ප්‍රවණතා දෙස බැලූ විට නැවතත් පොලී අනුපාතික මත පීඩනය වැඩි වෙමින් තිබෙන ආකාරය පැහැදිලිව දැකිය හැකියි. එයින් පිළිබිඹු වන්නේ රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය ඉහළ යාම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවයි. මෙය පසුගිය වසර අවසන් වෙද්දී පැවති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක්.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්ඩි පයික්‍රොෆ්ට් මොකද කළේ…

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ක්‍රීඩාව කියන්නෙ දේශපාලනයේ ගිණි නිවන සිසිල්...

රනිත්මා සියයෙන් මෙපිටට පනියි – දුමිදු මෙන්ම ඉසුරි සහ සිතුමි ද පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ලෝක බැඩිමින්ටන් සම්මේලනයේ 2025 සැප්තැම්බර් 16...

හෙල්ල අවසාන තරගයේ සිටින 2000 න් පසුව උපන් එකම ක්‍රීඩකයා රුමේෂ් – අවසාන තරගය අද පස්වරු 3.53 ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...