වෙළඳ යුද්ධය : ඇමරිකාව අද සිට චීනයට 104%ක නව බදු පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද(09)සිට ක්‍රියාත්මක වන පරිදි චීනයට 104%ක නව බදු පනවා ඇති බව වාර්තා වේ.

පසුගියදා ජනාධිපති ට්‍රම්ප් විසින් ලොව පුරා රටවලට තීරුබදු පැනවීමේදී චීනය වෙනුවෙන් පනවන ලද 54%ක තීරුබදු ඉවත් නොකරන්නේ නම් චීනය විසින්ද එක්සත් ජනපදයට 50%ක තීරුබදු පනවන බවට එරට රජය ප්‍රකාශයට පත් කර තිබිණි.

මේ සමබන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකශ කර තිබුණේ, ඇමරිකානු බදු වලට හිස නොනමන බවත්, මෙම බදු එක්සත් ජනපද අවශ්‍යතා සහ ජාත්‍යන්තර සැපයුම් දාමයන්ට හානි කරන බවත්, වෙළඳ යුද්ධයක ජයග්‍රාහකයෙකු නොමැති බවත්, මෙම බදු සමස්ත ගෝලීය ආර්ථික සංවර්ධනයට අනතුරක් වන බවත්ය.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ඊයේ(08)දිනයේදී ජනාධිපති ට්‍රම්ප් ඕවල් කාර්යාලය තුළ වාර්තාකරුවන්ට ප්‍රකශ කර තිබුණේ, බීජිං එහි පළිගැනීමේ බද්ද ඉවත් නොකළහොත් නැවත 50% ක අමතර තීරුබදුවක් පනවන බවයි.

ඒ අනුව, මේ වන විට චීනයට එරෙහිව පනවන ලද 104%ක නව තිරුබාද හේතුවෙන් වෙළඳපල දර්ශකයන් සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර කලාපයේ සමස්ත රටවලටම මෙය බලපානු ඇති බවයි වාර්තා වන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...