*
Friday, April 18, 2025
spot_img

Latest Posts

සිංහල සිනමාවේ නික්මගිය වසන්තය’ වසන්ත ඔබේසේකර’ මතකාවර්ජන

ශ්‍රී ලාංකීය සිනමාවේ වම් ඉවුරට ගොඩවූ පළමු වැන්නා වුද, ශ්‍රී ලාංකීය සිනමාවට ජිවය ගෙන ආ 56 පරපුරේ නිර්මානවෙදියකු වුද, වසන්ත ඔබේසේකරයන්ගේ අටවන ගුණානුස්මරණය ඊයේ(08)දිනට දී තිබිණි.

විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, කෘතහස්ත තිර පිටපත් රචකයෙක් , නිෂ්පාදකවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙකු වූ වසන්ත ඔබේසේකරයන් දොන් ඩේවිඩ් ඔබේසේකර හා අමරා කන්නන්ගර නම් දෙපලට දාව ශාස්ත්‍රීය පරිසරයක ඉපදී වසන්ත ඔබේසේකරයන්ගේ එකම සහෝදරයා වුයේ මහාචාර්ය ගණනාථ ඔබේසේකරයි. 1962 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් (University of Ceylon) ඉතිහාසය පිළිබඳ විශේෂවේදී උපාධියක් ලබා ගනු ලැබූ වසන්ත ඔබේසේකර මහතා කලක් උපාධිධාරී ගුරුවරයෙක් ලෙස සේවය කර 1958-62 විශ්වවිද්‍යාල ජිවිතයෙන් අනතුරුව පත්තර මහගෙදරට පිවිසෙන්නේ ලේඛනය තුලින් සමාජයට යමක් කිරීමටයි.

එනමුත් ඔහුගේ ආත්මය වෙන්ව පැවතියේ සිනමාවටයි.

වසන්ත ඔබේසේකරයන් සිනමාවට අත්පොත් තබන්නේ 1967දී ආචාර්ය සිරි ගුනසිංහගේ ”සත් සමුදුර” චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් දායකවෙමිනි. ඉන් අනතුරුව ඇරඹි ගමනේ සිංහල සිනමාවට උත්කෘෂ්ඨ සිනමා නිර්මාණ 13ක් දායාද කිරීමට හෙතෙම සමත් විය.

වසන්ත ඔබේසේකරයන් සිනමාවට අවතීර්ණ වන යුගය වන විට ලෝකය පුරාම තරුණ නැගී සිටීම් අරගල ආදිය දක්නට ලැබිණි. එකී සමාජ පරිවර්ථනයන් සිනමාවට ගෙන එමින් එහි යථාර්ථය සිනමාරූපීව පේක්ෂකයා වෙත ගෙන ඒමට සමත් නිර්මාණකරුවන් රැසක් ඒම අවධියේ බිහි විය. ඒ අතරින් මිර්නාල් සෙන්, රිට්වික් ඝටක් (ඉන්දියාව) ග්ලෝබ රෝචා (බ්‍රසීලය) ෆර්නැන්ඩෝ සොලනාස් (ආර්ජෙන්ටිනාව) උස්මාන් සෙන්බෙනේ (අප්‍රිකාව) ලිනෝ බ්‍රෝකා (පිලිපීනය) ඔබේසේකරයන්ගේ අධ්‍යන අවකාශයේ විය.

ඔබේසේකර මෙන්ම පතිරාජ ද ශ්‍රී ලංකාවේ සිනමාවේ දෙවන පරපුරේ පුරෝගාමීන් ලෙස හඳුන්වනු ලබන අතර ඔවුන් සතු වූ සමාජ සවිංඥානකත්වය හේතුවෙන් ලංකාවේද නව දේශපාලන සිනමාවක් බිහි විය. ඔවුන් එහි පුරෝගාමීන් වූ අතර ඔවුන් සිනමාවට නව ආඛ්‍යානයක් හඳුන්වාදී එහි ඵල භුක්ති වින්දෝය.

වෙස්ගත්තෝ’ (1970) වසන්තගේ ප්‍රථම නිර්මාණයයි. මෙය එක්තරා ආකාරයක ප්‍රහසන චිත්‍රපටයකි. ඔහු මෙයින් කියන්ට උත්සුකව ඇත්තේ ලොකු හොරුන් නිදැල්ලේ වෙසෙද්දී පොඩි හොරුන් පමණක් නීතියේ රැහැනට අසුවන ආකාරයයි.

ඉන් අනතුරුව නිර්මාණය වන ‘වල්මත්වූවෝ’ සිංහල පමණක් උගත් සරසවි වරම් ලැබූ ගම්බද තාරුණ්‍යයේ අදෝනාවන් හා ඉච්ඡාබංගත්වයට පත් ඛේදවාචකය ගෙනහැර දැක්විය.

උමතු දෑස රෑ තුන් යාමේ

ලගින මේ නුරා අම්බලමේ

හදේ සෝක පීඩා වියැකේ

හැන්ගෙන්න මායා සිහිනයේ ..

1976 නිර්මාණය කරන ලද ” දියමන්තිය” නම් චිත්‍රපට නිර්මාණයත් සමඟ අධ්‍යාපනය ලැබූ උගත් තරුණ පරපුරේ පුපුරායාම කදිමට ප්‍රකාශ කිරීමට වසන්ත ඔබේසේකර සමත් වෙයි.‘පළගැටියෝ’ (1979) සත්‍ය සිදුවීමක් ඇසුරුකරගෙන නිර්මාණය වන මෙම සිනමා නිර්මාණය මඟින් සත්‍ය සිද්ධි ඇසුරු කර ගැනීමට ඔහු යොමු වේ. නගරයට සංක්‍රමණය වන රැකියා විරහිත ගැමි තරුණයන් ඉච්ජිභංගත්වයට පත්වීම මෙහි විස්තර වේ. තම මැද පාන්තික ජීවිතයේ අත්දැකීම් සීමිත හා ඒකාකාරී නිසා සත්‍ය සිදුවීම් ඇසුරේ සිනමා නිර්මාණ කිරීමට තමන් යොමු වූ බව වසන්ත ඔබේසේකරයන් කියා තිබේ.

‘දඩයම‘ (1984) අදටත් වසන්තගේ ජනප්‍රිය චිත්‍රපටයයි.

ඔහු පොදුජන ප්‍රේක්ෂකයන් ප්‍රථම වතාවට සමීප කරගත්තේ මේ සිනමාපටයෙනි. මෙය ද සත්‍ය කතාවක නිර්මිතයකි. ගැහැනිය කේන්ද්‍ර කරගෙන ඔවුන් පුරුෂාධිපත්තියට හා ලිංගික සූරාකෑමට එරෙහිව ක්‍රියා කරන ආකාරය දක්නට ලැබෙයි.

එමෙන් ම ඔහු විසින් නිර්මාණය කරන ලද ‘කැඩපතක ඡායා’ (1989) චිත්‍රපටය විවෘත ආර්ථිකයෙන් පසු අපේ රටේ ඇති වූ සාරධර්ම හා සදාචාර පරිහානිය මෙම චිත්‍රපටය මනාව පිළිබිඹු කර දක්වයි. එය එක්තරා ආකාරයකට දඩයම සිනමා නිර්මාණයේම දිගුවක් දැයි සිතෙන තරම්ය. මෙම නිර්මාණ දිත්වයම සිනමාවේ ආකෘතීන් අත්හදා බැලීමට කරන ලද නිර්මාණ වේ. ඒ නමුත් මෙම සිනමා ආඛ්‍යාණ රීතීන් තව දුරටත් වර්ධනය වුයේ නැත.

තරැ අහුරක් සේ රෑ ඇවිලෙනු මැන

අහස් ගඟේ දියඹ දිගේ

යොවුන් වසන්තයේ

දුහුල් වළාකුලේ…

ඔබේසේකරයන්ගේ නිර්මාණ බොහෝ දුරට පැවති ආර සමතික්‍රමණය කරමින් සිනමාවේ ආකෘතීන් අත්හදා බැලීමට කරන ලද නිර්මාණාත්මක උත්සාහයන් වේ. ඒ නමුත් මෙම සිනමා ආඛ්‍යාණ රීතීන් තව දුරටත් වර්ධනය වුයේ නැත.

මීට අමතරව සළෙළු වරම(2001), දොරකඩ මාරාව(1998), තීර්ථ යාත්‍රා (1999), අසනි වර්ෂා (2005), සෙව්වන්දි(2006), මාරුතය(1995) හා ආගන්තුකයා (2001) ආදී චිත්‍රපට ඔහු අතින් නිර්මාණය වූ නිර්මාණ අතර වේ. වසන්ත ඔබේසේකර බොහෝවිට තම චිත්‍රපටවලට තෝරාගත්තේ සමාජයේ කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක සත්‍ය සිදුවීම්ය.ඔහු ඒවා අතිශය නිර්මාණාත්මකව විනිවිද දකිමින් රූපය, කෝණය, ජවනිකාව හරහා මෙහෙයවමින් 40 වසරක් පුරා දැක්වූ මෙහෙවරට අවස්ථා ගණනාවකදී සම්මානයට පවා පාත්‍ර විය.

ජනාධිපති සම්මාන

හොඳම අධ්‍යක්‍ෂණය – පළඟැටියෝ
හොඳම තිර රචනය – පළඟැටියෝ
හොඳම අධ්‍යක්‍ෂණය – දඩයම
හොඳම අධ්‍යක්‍ෂණය – දොරකඩ මාරාව
හොඳම තිර රචනය – දොරකඩ මාරාව
හොඳම තිර රචනය – තීර්ථ යාත්‍රා
හොඳම අධ්‍යක්‍ෂණය – තීර්ථ යාත්‍රා

සරසවිය සම්මාන

හොඳම අධ්‍යක්‍ෂණය – දඩයම
හොඳම තිර රචනය – කැඩපතක ඡායා
හොඳම තිර රචනය – සළෙලළු වරම
හොඳම අධ්‍යක්‍ෂණය – සළෙලළු වරම

ඔහු රොබට් ප්‍රොසෝන් මෙන්ම ශබ්දය රූපය තරම්ම ප්‍රබල අරැත් නංවන සිනමා සංඝටකයක් බව ඔප්පු කර පෙන්වන ජාතියේ පිනට පහළ වූ ලාංකික සිනමාවේදියා ඔබේසේකර වූ අතර ඔහු අසූ වසක් ආයු වළදමින් යහපත් ශ්‍රී ලාංකික සිනමාවක් වෙනුවෙන් විසල් මෙහෙවරක් කළ මහා සිනමාවේදියකු ලෙස සිය මෙහෙවර නිමාකර නික්ම ගිය අතර ඔහු 60-70 දශකයේ මෙරට බිහිවූ ස්වර්ණමය සිනමා යුගයේ අති දක්ෂ සිනමා නිමවුම්කරුවෙකු වශයෙන් ඉතිහාසගත වනු ඇත.

සටහන: සශිකලා මධුෂාණි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan