ඩොමිනිකන් ජනරජයේ රාත්‍රී සමාජ ශාලාවක් කඩා වැටී 113ක් මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොමිනිකන් ජනරජයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි ජෙට් සෙට් නම් ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 113 දෙනෙකු මිය ගොස් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම ඊයේ(08)අලුයම ජෙට් සෙට් රාත්‍රී සමාජ ශාලාවේ ජනප්‍රිය මෙරෙන්ගු ගායක රූබී පෙරෙස්ගේ සංගීත ප්‍රසංගයකදී සිදු විය. සිද්ධියෙන් මියගිය අය අතර ඔහු ද සිටි බව විශ්වාස කෙරේ, මිට අමතරව හිටපු මේජර් ලීග් බේස්බෝල් ක්‍රීඩක ඔක්ටේවියෝ ඩොටෙල් ද වින්දිතයින් අතර සිට ඇත.

සිය ගණනක් පුද්ගලයින් එම ස්ථානය තුළ සිටි අතර, බේරාගත් අය 400 ක් පමණ තවමත් දිවි ගලවා ගත් අය සොයමින් සිටිති. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර සෝදිසි කිරීම් අඛණ්ඩවම සිදු කෙරේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICCPR සම්මුතිය තියෙන්නේ දේශපාලන පළිගැනීම් සඳහා නොවෙයි – විපක්ෂ නායක

කොළඹ LNW: දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය...

රදවා තැබූ BYD විද්‍යුත් වාහන 506ක් රේගුවෙන් මුදා හැරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : BYD විද්‍යුත් වාහන...

ශ්‍රී ලංකාවේ ජනාධිපති ක්‍රමයෙහි ඇතිවිය යුතු ප්‍රතිසංස්කරණයන්!

සැප්තැම්බර් 03, කොළඹ (LNW): හිටපු ජනාධිපතිවරයෙකු මෑත කාලීනව අත්අඩංගුවට ගැනීම...

සංචාරක කාර්යසාධක බලකායක් ස්ථාපිත කරයි!

කොළඹ LNW: සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බලකායක්...