ජනාධිපතිතුමා නැගිටලා ගියාට පස්සෙ තමයි මෙතන සිංහයෝ මතුවෙන්නෙ – ලක්මාලි හේමචන්ද්‍ර

වර්තමානයේ විපක්ෂයට ඇති ලොකුම ප්‍රශ්නය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණීම බවෙඅ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි.

“විපක්ෂයට තියෙන ලොකුම ප්‍රශ්නය මං හිතන්නෙ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට එන එක. හරිද ? මොකද දන්නවද ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ? දැන් මම මේක දවස් කීපයක් බලාගෙන හිටියා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට එන්නෙ ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන යම්කිසි දැනුවත්කිරීමක් සිද්ධ කරන්න. ඒ සිද්ධ කරන්න ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කළාම අපේ මේ විපක්ෂ නායකතුමාද, විපක්ෂයේ අනෙක් පක්ෂ නායකවරුද, මන්ත්‍රීවරුද ඔක්කොම පූස් පැටව් වගේ අගහෙන ඉන්නවා ඒ වෙලාවෙ. හා ජනාධිපතිතුමනි, ඔව් ජනාධිපතිතුමනි කියලා අහන් ඉන්න එක තමයි ඒ වෙලාවට කරන්නෙ. ජනාධිපතිතුමා නැගිටලා ගියාට පස්සෙ තමයි මෙතන සිංහයෝ මතුවෙන්නෙ. ඔව්, දැන් පූස් පැටව් ටික ඥාව් ගානවා. ඥාව් ගගා ඉන්න”

ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් සිදුකරන විට ඊට බාධා නොකිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායකි. ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර වසර එකහමාරක් තිස්සේ පාර්ලිමේන්තු පැමිණියත් මේ දක්වාම ඒ ගැන අවබෝධයක් ලබාගෙන නොමැති බවක් මෙම ප්‍රකාශයෙන් පෙනේ.