හෘද සැත්කමක් සඳහා සිංගප්පූරුව බලා ගොස් ගොස් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි මෙරටට පැමිණ තිබේ.
අද (09) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණි ඒ මහතා මේ වන විට සිය නිවෙස බලා ගොස් ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, වෛද්‍ය උපදෙස් මත ඒ මහතා සති 02 ක කාලයක් විවේක ගැනීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කලේ.





