රිට පැනීමේ අලුත් රංගය – එරංග

Date:

ලංකාවෙ රිටත් එක්ක ඉහළ ගිය මේ මොහොතේ විශාලම පිම්මේ හිමිකරු වන්නේ එරංග ජනිත්ය.මීටර් 5.16 ක උසකට විහිදෙන ජනිත්ගේ පිම්ම නව ශ්‍රී ලංකා වර්තාවක් වුව ද,එයට වැඩි සැළකිලි ලැබෙන්නේ නැත.ආසියානු පළමු තේරීම් තරගවලදී වැඩිය දීප්තිය විහිදුවේ නැති බැවින් දෙවන ආසියානු තේරිම් තරගවලින් ඉවතට දැමීමේ තීරණයක්ද ඇති බවට කරුණු පතලව තිබියදී ජනිත්ගේ පිම්ම නවතින්නේ නව ශ්‍රී ලංකා වාර්තාවක් සේ තිබූ කඩ ඉමට සෙන්ටි මීටරයක් උඩින්ය.
එරංග පිටියේ බිම රැඳෙන්නට ආසා කළ අයෙක් නොවේය.ඔහු පාසලේ දී ක්‍රීඩාව පටන් ගන්නේම උස සමඟය.උස උසස් ලෙස තරණය කරන නිසාම ගොන්සාල්වේස් පාසලේ සිට එරංගට මීගමුව මාරිස්ටෙල්ලාවට පාර කැපෙන්නේය.



ඔහුගේ උස හැඩ දැමුවේ බොහෝ පනින්නන්ගේ පිමි හැඩ කරපු පිලිප් ශාන්ත ය.එය ආසියානු කණිෂ්ඨ මට්ටමේ සිව්වන තැන ලබන්නට තරම් ප්‍රමාණවත් විය.ඉනික්බිති ඔහුගේ අවධානය යොමු වන්නේ දස ප්‍රයාම ඉසව්ව කෙරෙහිය.එහි හොඳ තරගකාරීත්වයක් ඇති කර ගනිමින් යද්දි ඔහුගේ හිත එම ඉසව්වට අදාළ එක් ඉසව්වක් වන රිටි පැනීම කෙරෙහි නැඹරු වෙන්නේ සනත් ගුණරත්නගේ ආරාධනයෙන්ය.
“ඒ වැඩේ වෙනම වැඩක්.සනත් ස්ර් අපිට තාත්තා කෙනෙක් වගේ.තමන්ගෙම ගෙදර ඒ සඳහා වෙන් කරගෙන පුහුණු මධ්‍යස්ථානයක් කරගෙන අරගෙන යන වැඩේ හිතා ගන්නවත් බැහැ.ජාතික රිටි පැනීමේ මධ්‍යස්ථානයක් නෙමෙයි ජාතික මට්ටමෙන් හරියට ඇගයීමක්වත් දෙන්නෙ නැති ඉසව්වකට සනත් ස්ර් මහන්සි වෙන තරම හිතාගන්න බැහැ.

එරංගගේ ඒ වචන සනත් ගුණරත්න ගැනය.පුහුණුකරුවෙන් සේ මේ ඉසව්වෙ නිශ්චිත පැනීම් සඳහා ඉඩ ඇති දියගම සහ සුගතදාසය අතර ගැවසීමට අමතරව ඊට පදනම් වන බොහෝ දේ සිදු කරන්නට හැකි පරිසරයක් ගුණරත්න සිය නිවස ආසන්යේ ගෙවත්ත ද යොදා ගෙන පමුණුගම වෙරළ තීරයේ මවා ඇත.අද ජාතික මට්ටමෙන් ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ රිටි පැනීමේ සියලුම දක්ෂයන් පාහේ සිටින්නේ සනත් ගුණරත්න සෙවණේය.
“ස්ර් පුළුවන් බර දාලා ඉවෙන්ට් එක ඉස්සරහට ගන්න හදනවා.තනි මහන්සියක් තියෙන්නෙ.මේක දියුණු කරන්න අඩු ගණනෙ දක්ෂතා දියුණු කරන්න ලෝකය දැන හඳුනගන්න මීටි එකක්වත් ලැබෙන්නෙ නැහැ.සමහර විට පළමු තේරීමේ උස මදි කියලා මේ ශ්‍රී ලංකා වාර්තාව පැත්තකට දාලා දෙවන ආසියානු තේරීමෙන් රිට හලන්නත් ඉඩ තියෙනවා”

මේ පරිපාලනමය වශයෙන් උදව් නැතුව මෙම ඉසව්ව පෙරට ගෙන ඒමේ හොඳම උදාහරණයක් වූ මේ වන විටත් රිටි පැනීමේ ජාතික වාර්තාව උසුලන සචිනි පෙරේරා සිටියේ ද එරංගලා සමඟය.නමුත් ඇය ඉසව්ව දියුණු කර ගන්නට විදෙස් තරග අවස්ථාවක් හෝ නොලැබෙන තැන රට අතැර ගොස් දුරු රටක ගෘහ සේවිකාවක්ව සේවය කරනවාය.ඒ ලංකාවේ රාටේ තත්ත්වය ය.
“මම ඉන්නෙ සේවා බලකායේ.ඒකෙ කැප්ටන් රාමනායක කියන්නෙ ශ්‍රී ලංකා මීටර් 100 කණ්ඩායමේ හිටිය තරුවක්.එයා ක්‍රීඩාව ගැන දන්නවා.එතුමයි ඉහළ නිලධාරීන් සියලු දෙනයි,බලකායේ හැමෝමයි මට ලොකු සහයක් පුහුණුව සඳහා දෙනවා.ඒක වචනවලින් මිල කරන්න බැරි වටිනාකමක්”
එරංග විවාහකය.එසේම අම්මා සහ තාත්තා ට අමතරව එරංගට බාල සොහොයුරෙක්ද වේ.මේ සියල්ල අදටත් එරංගගේ උදව්වට අත හිත දෙන්නෝ ය.රිට වැනි ඉසව්වක් පහසුවෙන් නඩත්තු කරන්නට නොහැකි අමුතු වෙහෙසක් දැරිය යුතු ඉසව්වක්ය.

“සනත් ස්ර්ගේ නිවස වටෙත් අපි පුහුණුව කරද්දි කට්ටිය බලා ඉන්නවා.පනිනවා පිණුම් ගහනවා.ජිම්නාස්ටික් කෑලි හෙම සෑහෙන්න යූස් කරනවනෙ.ඉතිං ඒවා බලන්න ආසයි.ඇවිත් අපිට එකතු වෙන අයත් ඉන්නවා.”
පමුණුගමට උප සංස්කෘතියක් වන්නට තරම් මේ වන විට සනත් ගුණරත්නගේ රිටි පැනීමේ මධ්‍යස්ථානය බලපෑම් කර ඇත.රටේ රිටි පැනීම් කේෂ්ත්‍රයට ද එය එවැනිම බලපෑම් ඇති කරන්නක්ය.හරිනම් මෙ’තැනට රටේ ක්‍රීඩා ඇමතිගේ සිට පිරිස් පැමිණ නැරඹිය යුතු අන්දමේ තැනකි.ඒවා සුළු වියදමකින් සමහර විට තාක්ෂණික වශයෙන් වැඩි දියුණු කළ හැකිය.නමුත් ඇමති නොව මලල ක්‍රීඩා සංගමයද එතැන නොව මේ ඉසව්ව දෙස ද බලන්නේ ඇඳේටය.එය දියුණු කළ යුතු යැයි වගේ වගක් නැත.

“මම 2018 දි තමයි රිට පෞද්ගලික ප්‍රධාන ඉසව්ව කර ගත්තෙ.දැන් මම ඉන්නෙ 5.16 ට ඇවිත්.ඉෂාර වගෙ හොඳට පනින අය එක්ක දිගටම එකට වැටිලා පුහුණුවෙ ඉන්න එකත් උස ඉහළ යන්න බලපාවා.කොහොමත් අවුරුදු 5 ක් වෙද්දි මේ ආපු උස එක්ක තව ටික කාලයක් යන කොට ඔලිමිපික් ස්ටෑන්ඩර්ඩ් එක වන 5.60 වගෙ උසකට රිට අරං යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.”
නමුත් ලංකාව ඇතුළෙවත් නිසි පහසුකම් හැම තැනකදීම රිටට නැත.නිවැරදිව තරග තිබිය හැකි පිටි ඇත්තේ දෙකක් පමණය.එවැනි තත්ත්වයක වැඩි ඉඩක් විදෙස් පුහුණුවකට නොව විදෙස් ආසන්න මට්ටමේ තරග සඳහා හෝ ඉඩක් දිය හැකිනම් මෙම ක්‍රීඩාව විදේශිය තරගකාරීත්වය සමඟ ශ්‍රී ලංකා වාර්තාව ඉහළ දමමින් ඉදිරියට තල්ලු කරන්නට හැකියාව ඇත.

එරංගලා ඉල්ලන්නේ හැමවිටම ඒ අවස්ථාවය.ක්‍රීඩකයින් පුහුණුකරුවන් රිටට වෙහෙසෙන තරම් පාළකයන් නොවෙහෙසී පල නොකියා පලා බෙදන තත්ත්වයක ඒ වෙනුවෙන් හැප්පෙමින් කිසිම පහසුකම් රජයෙන් හෝ නොලැබ රිටි පැනිම ඉහළට ඔසවන්නට සනත් ගුණරත්න දරන උත්සාහයට දිරි දෙන්නට පමුණුගම වෙරළේ වානිජමය වටිනාකම සමඟ පෞද්ගලික සමාගමක් හෝ පැවරිය හැකිනම් එරංගලා එම ශක්තිය වාරු කරගෙන තව ඉහළට නැඟෙනු ඇත.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...