සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහාය දෙන්න සූදානම් – දයාසිරිත් කියයි

Date:

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ සඳහා සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

එසේ නිශ්චිත වැඩපිළිවෙලක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පක්ෂයක් වශයෙන් ඊට සහාය දෙනවා මිස තනි තනි පුද්ගලයින් වශයෙන් ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුර භාරගැනීමට හෝ වරප්‍රසාද ලබාගැනීමට සූදානම් නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.

ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ද මේ අදහසම බව සිහිපත් කළ ජයසේකර මහතා කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝ රාජපක්ෂවරුන්ගේ තනතුරු රැකදීම සඳහා ආණ්ඩුවට මුක්කු ගැසීමට නම් තම පක්ෂය සූදානම් නොමැති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...