ඊශ්‍රායල් ඉදිකිරීම් රැකියා සඳහා යන පළමු කණ්ඩායමට මනූෂ අතින් ටිකට්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW): ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමට අයත් රැකියාලාභීන් 125 දෙනෙකු හට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.


ඉදිකිරීම් රැකියා සඳහා පිටත් වන පළමු කාණ්ඩය හැටියට එය වාසිසහගත මෙන්ම අවදානම්සහගතද අවස්ථාවක් වන බව කී අමාත්‍යවරයා, රැකියා බලා යන පළමු පිරිස හැටියට වගකීමෙන් රැකියාව කිරීමේ වැදගත්කමද රැකියාලාභීන් වෙත එහිදී අවධාරණය කළේය.


අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසූවේ,


“පළමු කණ්ඩායම වාසි සහගතයි කියනවා වගේම තමයි පළමු කණ්ඩායම අවදානම්සහගතයි. මොකද රටේම අනාගතයට ඔබලාගේ ගමන තීරණාත්මකයි. පළමු කණ්ඩායම වීම ගැන ඔබ වාසනාවන්ත වෙන්නේ මේ දක්වා ඊශ්‍රායලයට ගිය අයගෙන් වැඩිම පඩි හම්බවෙන්නෙ ඔයාලට. හැබැයි නිකන් ඉඳලා නෙවෙයි. ලංකාවේ දවසකට වැඩ කරලා හොයන මුදලට වඩා මුදල එහෙදි වැඩියි. එහෙදි දරු සුරතල් බලන්න නෑ. වෙනත් වැඩ නෑ. ඒ ගිහිල්ල වැඩ කරන කාලයේ උපරිම මුදලක් හම්බ කළොත් ඔයාලා තමයි වැඩිම මුදලක් හම්බ කරන කණ්ඩායම. අවම වැටුප වගේ දෙගුණයක් විතර ඔබට හම්බ කරන්න පුළුවන් වීම වාසනාවේ පැත්ත. අවදානම් පැත්ත තමයි හරියට වැඩ නොකළොත් අනාගතයේදී යන්න ඉන්න 20,000ක ශ්‍රී ලාංකිකයින්ට අසාදාරණයක්. ඔබ ඉදිකිරීම් වැඩපළේ, මෑන් පවර් ඒජන්සියේ නවතින්න පුළුවන්. ලංකාවේ වැඩ කරද්දි වැඩ කරන්නේ සුඛෝපභෝගී තැන්වල ඉඳලා නෙමෙයි. නමුත්, පිටරටට ගියාම වොශින් මැශින්, කාමරේ ඒසී හොයන්න එපා. ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියාවලට ගිය සමහර අයට දවසට දොඩම් කූඩ 02ක් කඩන්න කිව්වම කූඩයක් කඩාගන්න බෑ. අපේම තරුණයො ඉලක්කය සපුරලා, වැඩි ගණනකුත් හොයනවා.ඊශ්‍රායලයේ හාම්පුතුන් ඉල්ලන්නේ හොඳම අයව. පළමු අයගේ කණ්ඩායම ගැන වැරදි ප්‍රචාර නිසා අපේ කෘෂි ශ්‍රමිකයන් ගන්න එපා කියලා ප්‍රචාරය වුණා. රට වට්ටන්න ඕන නිසා ඒ අය රටට සල්ලි එවන්නත් එපා කිව්වා. ඒ අය ෆේස්බුක් එකෙන් මාලිමාවට ජය වේවා කියනවා.


ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන්වලදි අපි ඉදිකිරීම් සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කරද්දි මනූෂ නානායක්කාර නිෂ්පාදන ආර්ථිකයක් නොහදා තරුණයො රට පටවනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ රැළියෙදි කිව්වා අඩු මුදලට තරුණයො විකුණනවා කියලා. වියදම් කරලා යන රුපියල් ලක්ෂ හයට වැඩිය පළමු පඩියෙම ලැබෙනවා. ඒ රටවල වෘත්තීය ආරක්ෂාව බලනවා. ව්‍යවසායකයින් අපිට ඕනි. මේ 20,000 මාස 63කින් ආපහු ලංකාවට ආවොත් 20,000ක් රට වටේට බෙදෙනවා. ඔය අය ගම්වල ව්‍යවසායකයින්, ව්‍යාපරකයින් වෙනකොට මේ රට ගොඩදාන්න පුළුවන්. පාරවල්වල බෝඩ් උස්සන් හිටියට රට ගොඩදාන්න බෑ.”
යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...